පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෝකයේ කීර්තිමත් ම හා සුන්දරතම විශ්ව විද්‍යාල වලින් එකකි.එය 1942 දී යුනිවර්සිටි ඔෆ් සිලෝන් (University of ceylon) යන නමින් ආරම්භ කර ඇති අතර වර්තමානය වන විට පීඨ 8 කින් හා පශ්චාත් උපාධි ඒකක 2ක් හා දෙපාර්තමේන්තු 73 කින් සමන්විත වේ.ආචාර්යවරුන් හා සිසුන් 11000 පමණ අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් සිටියි.
එම සිසුන් වෛද්‍ය විද්‍යාව (Medicine),කෘෂිකර්ම විද්‍යාව (Agriculture),සම සෞඛ්‍ය විද්‍යාව (Allied health sciences),ඉන්ජිනේරු විද්‍යාව (Engineering),දන්ත වෛද්‍ය විද්‍යාව(Dental sciences), පශු වෛද්‍ය විද්‍යාව (Veterinary Medicine) යන ක්ෂේත්‍ර වල හා කලා විෂයන්ගේ අධ්‍යන කටයුතු සිදුකරයි. ලංකාවේ රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතරින් විශාලතම උසස් අධ්‍යාපන ආයතනය ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය සලකනු ලබයි.
මහනුවර දිස්ත්‍රික්කයේ පේරාදෙනිය නගරයට ඉතා ආසන්නව හන්තාන කඳු පන්තියේ බටහිර බෑවුම හා මහවැලි නදිය අතර මනරම් පරිසරයක් පිහිටා තිබෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ සුන්දරතම විශ්වවිද්‍යාල වලින් එකක් වන්නේ එහි මනාව නඩත්තු කරන ලද තණබිම් හා ශාක විශාල ප්‍රමාණයක් තිබීම නිසාවෙනි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය "යුනිවර්සිටි ඔෆ්
සිලෝන්" ලෙස ආරම්භ කිරීමේ යෝජනාව 1884 දක්වා ඈත කාලයේ සිදුවී ඇතත් පේරාදෙණිය ප්‍රදේශය තෝරගෙන ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 1926 වර්ෂයේ ය. පසුව 1942 වර්ෂයේ සිට සිසුන් 904 දෙනෙකු හා අධ්‍යයන කාර්ය මණ්ඩලය 55 කින් යුක්තව පීඨ හතරක් යටතේ අධ්‍යන කටයුතු ආරම්භ කර තිබේ. නමුත් 1946 වර්ෂයේ සිට ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු හේතුවෙන් දේශන හා විද්‍යාගාර පරීක්ෂණ අධ්‍යන කටයුතු සිදුකර ඇත්තේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ(Ceylon medical college) හා කොළඹ " සිලෝන් යුනිවර්සිටි කොලේජ්" (ceylon university college )හි ගොඩනැගිලි කීපයක් ලබා ගැනීමෙනි. 1949 වර්ෂයේදී නැවතත් පේරාදෙණියේ අධ්‍යන කටයුතු සිදු කිරීම ආරම්භ වූ අතර 1952 වර්ෂයේ සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයට නව පීඨයක් ලෙසින් කලා පීඨය හා ප්‍රධාන පුස්තකාලය ඉදිකර ඇත. මෙම ඉදිකිරීමත් සමඟ 1952 වර්ෂයේ ඔක්තෝම්බර් මස 6 වන දින නිලවශයෙන් university of ceylon ස්ථාපිත කරන ලදි. පසුව දෙවන එළිසබත් රැජිණගේ සහභාගිත්වයෙන් 1954 වර්ෂයේ අප්‍රේල් මස 20 වන දින නිල උත්සවයක් තබා"university of ceylon" ප්‍රකාශයට පත් කරන ලදි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිපාලනය සලකා බලන විට කුලපති, උපකුලපති හා පීඨාධිපතිවරුන් යන තනතුරු විශ්වවිද්‍යාල පරිපාලනයේ නිල බලයේ ප්‍රධානත්වයේ අනුපිලිවෙලින් වේ.