🕍දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය🕌


 🕍දෙවැනි හරස් වීදියේ රතු පල්ලිය🕌


🔵පිටකොටුවේ දෙවන හරස් වීදියේ පිහිටා තිබෙන ජෙම් උල් අල්ෆර් මුස්ලිම් දේවස්ථානය ආකර්ෂණීය ගොඩනැගිල්ලකි. කොළඹ නගරය වටා වසර දහස් ගණනක පටන් මුස්ලිම් ජනතාව සෙසු ජාතීන් සමඟ සහජීවනයෙන් ජීවන රටා පවත්වා‍ගෙන යති.🟣


🌀මුල් වතාවට අරාබි මුස්ලිම් වෙළෙඳ නෞකාවක් මෙරටට පැමිණියේ කුළුබඩු සහ වෙනත් වටිනා ද්‍රව්‍ය සොයා ගෙනය. මේ අතර පිටකොටුව ආශ්‍රිතව ගුදමක් ආරම්භ කිරීමට ඔවූහු කල්පනා කළහ.පිටකොටුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතීන්ගේ වර්ග තුනක් වෙසෙති. ඔවුහු ශ්‍රී ලාංකේය මුස්ලිම්, ඉන්දියන් මුස්ලිම් සහ ජාවා වශයෙනි.ජාවා යනු මැලේසියාව මුල් කර ගත් මැලේ ජාතිකයන්ය.මැලේ ජාතිකයන් මෙරටට පැමිණියේ ලන්දේසි යුගයේදී ය. ඔවුන්ගේ සම්ප්‍රදායන් සහ ඉතිහාසය සෙසු මුස්ලිම් ප්‍රජාව 1909 වසරේ ඔවුන්ගේ යාඥා කටයුතු වෙනුවෙන් මෙම පල්ලිය ඉඳි කරන ලදී. ජෙම් උල් අල්ෆර් මුස්ලිම් දේවස්ථානයේ රතු සහ සුදු ඉරි මඟින් මුස්ලිම් සංස්කෘතියේ අනන්‍යතාව ඉස්මතු වේ.💠


⚜️පිටකොටුව ප්‍රදේශයේදී රතු පල්ලිය වෙත සෑම දෙනාගේම අවධානය යොමු වීම අරුමයක් නොවේ. මේ ගොඩනැඟිල්ලට යොදා ඇති වර්ණ රටාව ඒ තරමටම විචිත්‍රවත් නිසාය. ව්විධ සමාජ හැලහැප්පීම් අතර රතු පල්ලිය නිරුපද්‍රිතව පැවතීම මහත් හාස්කමක් ලෙස මුස්ලිම් බැතිමත්හු සලකති. මුස්ලිම් ප්‍රජාවගේ ආගම ඇදහීමේ කටයුතු වෙනුවෙන් විශාල මෙහෙයක් කරන රතු පල්ලිය පිටකොටුවට එන මුස්ලිම් බැතිමතුන්ගේ සිය යාඥා කටයුතුවලට විශාල පහසුවක් සලසයි. යාඥා කාලයේදී සහ සිකුරාදා දිනයන්හි මුස්ලිම් නොවන අයට රතු පල්ලියට ඇතුළුවීමට අවසර නොමැති මුත් අන් අවස්ථාවන්හී එම තහනම ක්‍රියාත්මක නොවේ.🔰


👉මෙවැනි තවත් දේවල් දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.👈

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form