♨️💢ලොව අසිරිමත් ස්ථාන ෂිරකාවා - ගෝ - ජපානය💢♨️


 ♨️💢ලොව අසිරිමත් ස්ථාන

ෂිරකාවා - ගෝ - ජපානය💢♨️


💜ජපානයේ හකුසන් කඳු පාමුල පිහිටා තිබෙන ෂිරකිවා - ගෝ ගම්මානය  බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වන්නේ, එහි ඇති නිවාස නිසයි.මේ නිවාස තනා තිබෙන්නේ ගස්ෂෝ - සුකුරි නමින් හැඳින්වෙන මෝස්තරය පදනම් කරගෙන ය. සම්ප්‍රදායික ලෙස අතු සෙවිලි කර කරන තනන ලද මෙම නිවාස, ජපානයේ දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. එවැනි ස්ථාන අතර ෂිරකාවා - ගෝ ගම්මානයට විශේෂත්වයක් හිමිවන බැවින්, එය යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් ලෙස නම් කෙරිණි. ගම්මානයට අයත් භූමියෙන් 95%කට වැඩි ප්‍රමාණයක් කඳුකර වනාන්තරවලින් ගහණ ය. ප්‍රපාත ආදී භූ ලක්ෂණ , ගම්මානය පුරා බහුල ය. ජපානයේ හිම පතනය වැඩි ම ස්ථාන අතර , ෂිරකාවා - ගෝ ගම්මානයත් ඇත.🖤


     💛  අවසානයි ! 💚

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form