සමනල අඩවියේ අරුම පුදුම කතා...
මියගිය සංචාරකයාට පැයකින් පන ඒම..
විදෙස් සංචාරකයන්ට මග පෙන්වීම යනු මා දිවියේ ලද සොදුරැම අද්දැකීම සහ මා ඉතාමත් චිත්‍යක් ප්‍රීතියෙන් කල් ගත කල සමයයි, දිනක් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත පනිවුඩයක් ලැබී තිබුනි, එය එවා තිබුනේ මා සමග මීට වසර හතරකට පමන පෙර සංචාරයක නියැලුනු අයෙකු විසින්ය,එහි සදහන්ව තිබූ පනිවුඩය කෙටියෙන් මේසේය.
හිතවත් ළහිරැ,
ඔබට කෙසේද? මා නිතරම ඔබගේ මුහුනු පොත හරහා ඔබ බෙදා හරින චායාරෑප දකිමි, එහි මා දුටු එක් ස්ථානයක් නැරබීම සදහා අප දැඩි කැමැත්තකින් සිටින්නෙමු, මෙම වසරේ නොවැම්බර් මස අප කන්ඩායමක් ඔබගේ රටට පැමිනීමට බලාපොරොත්තු වන්නෙමු. අපට එම සුන්දර ස්ථානයද ඇතුලත් කර දින දහයක සංචාරක සැලැස්මක් ලබාදෙන්න, ඔබ සමග සංචාරය කිරීමට නොඉවසිල්ලෙන් අප බලා ඉන්නෙමු. ස්තුති
ඔහු එහි සුන්දර ස්ථානය ලෙස නම්කර තිබුනේ අන් කිසිවක් නොව, අප මහා තථාගතයන් වහන්සේගේ ශ්‍රී පාද සටහන සටහන්ව ඇති ඒ උතුම් පින් බිමයි. මා මෙම කාල වකවානු වනවිට ශ්‍රීපාදස්ථානයට කිහිප වරක් සංචාරය කර තිබුනි, ඔවුන්ගේ ඉල්ලීම පරිදි මා දින දහයක සංචාර සැලැස්මක් ඔවුන් වෙත ලැබීමට සැලැස්වූයේ අප දිවයිනේ තවත් සුන්දර ස්ථාන කිහිපයක්මද ඇතුලත් කරමින්ය.
නියමිත දිනය එලබුනි, සුන්දර බුල්ගාරියා දේශයේ සිට ගුවන් සැතපුම් 7000 සකට ආසන්න දුර ප්‍රමානයක් ගෙවා සංචාරකයන් 21ක් දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් පැමිනියේය, ඉතාමත් හරසරින් මා සහ මාගේ සහයට පැමිනි රියදුරැ මහතා සහ රිය සහයක මහතා විසින් ඔවුන්ව පිලිගෙන අපගේ සංචාරය ආරම්භ කලේ ලහිරැ පෙනි පෙනීය.....
දිනෙන් දින ගෙවී අප ඒ සුන්දර දිනයට එලබීය. වේලාව සවස හතරට පමන විය, අප බස් රථය සංචාරක හෝටලය වෙත ලගාවීය. මා මයික්‍රෆෝනය අතට ගෙන මෙසේ සංචාරකයන් ඇමතීය.
ඔන්න අපි ආව, එහෙනම් කට්ටිය රෙස්ට් කරන්න, අපි ඩිනර් එකේදි මුන ගැහෙනව, ඔයාල හැමෝම මතක තියාගන්න ඕනි මං මේ පුන්‍ය භූමිය ගැන කියල දුන්න දෙවල්, ඒ වගේම ඒව අකුරටම පිලිපදින්න ඕනි, මං නැවතත් මතක් කරනව කිසිම කෙනෙක් ඇල්කොහොල් පාවිචිචිය සපුරා තහනම්. අප කන්ද තරනයට ප්‍රථම එවන්නක් මා දුටුවහොත් හෝ දැනුනහොත් ඔහු හෝ ඇය මා සමග කැටුව යාමට මා එක්කර ගන්නේ නැහැ, ඒ වගේම තමයි අද දවසම අපි නිර්මාංෂ ආහාර ගත්ත වගේම අපගේ රාත්‍රී කෑම වේලද එසේ පිලියල කිරීමට මා හෝටලය දැනුවත් කරල තියන්නෙ, එහෙමනම් අපි ඩිනර් එකේදි හම්බෙමු. ස්තුති
සියලුම දෙනා තම තමන්ට වෙන්වූ කාමර වෙත ගියේ රාත්‍රී කැම සදහා එක්වන බවට පවසාය.
මා හට මාගේ ශරීර උෂ්නත්වය ඉහල යන බව හැගී ගියේ එම දින උදෑසන සිටය. නමුත් මා එය වේදනා නාශකයක් මගිනි දහවල් කාලයේ පාලනය කරගෙන සිට්යද සවස්වන විට එය උත්සන්න වෙන බව හැගී ගියේය, නැවතත් වේදනා නාශකයක් ලබාගත් මා මොහොතක් සිතන්නට විය, “තව දවස් 5ක් තියනව, කන්ද නැග්ගොත් අමාරැවෙයි, ඒක නිසා හෝටලයෙන් ට්‍රැකර් කෙනෙකු ගෙන්වාගෙන පිරිස සමග යවල මං නිදා ගන්නව” මා සිත එසේ පැවසීය. සෙල්වරාඡා පැමිනේනේ හෝටලයේ ආරාධනාව පරිදිය.
රාඡා, හමුවීම සතුටක් මම තමයි මෙයාලගෙ ගයිඩ්, මට ටිකක් අමාරැයි වගේ අද, කට්ටියව පරිස්සමින් එක්කගිහින් හිරැ නැගීම පෙන්නල හොටෙල් එකට එක්ක එන්න.
හරි සර්, මං වැඩේ නියමෙට කරන්නං. කට්ටිය හැපි කරල තමයි මං ආපහු එන්නෙ, මං සර් ගොඩක් කට්ටිය එක්ක ගිහින් තියනව, මේ හොටෙල් එකට එන open පාටි ගෙනියන්නෙ මම තමයි. සර් හැබැයි මට කලින් වැඩක් දීල නැහැ නේද? සර් අලුත්ද?
සිහින් සිනහවකින් මුව සැරසූ මා පවසා සිටියේ මීට පෙර සෑම අවස්ථාවකදීම මා සංචාරකයන් සමග ගමන් ගත් බවත් කිසිවෙකුගේ සහය නොපැතූ බවත් සහ අද දින ශරීර උෂ්නත්වය සහ ඉදිරියට ඇති සංචාරයන් සදහා යහපත් ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම ගැන පමනක්ම සිතා අද දින විවේකීව සිටීමට තීරනය කල බවත්ය. ඉන් පසුව මා ඔහුත් කැටුව හෝටලයේ බොඡුන් හල වෙත පිය නැගුවේ මාගේ පිරිසට ඔහුව හදුන්වා දී තත්වය පැහැදිලි කිරීමටයි.
සියලුම දෙනා රැස්වූ පසු සියල්ලන් අමතා මා සිටිනා තත්වයත්, රාඡා මා වෙනුවට ඔවුන් සමග පැමිනෙන බවත්, ගමන් මග සහ අනෙකුත් අත්‍යවශ්‍ය තොරතුරැ රැසකින් ඔවුන්ව සන්නද්ධ කල මා ගමන ආරම්භ කිරීම සදහා පාන්දර 01.00 වන විට හෝටලයේ ඉදිරියට පැමිනෙන ලෙස දන්නා මා හට වෙන්වූ කාමරය වෙත ගමන් ආරම්භ කලේ රාඡාට මාගේ දුරකතන අංකය ලබාදී නියමිත වේලාවට විනාඩි 30ක් කලින් පැමිනෙන ලෙසද ඹහුට දන්වාය.
00.30 කනිසමට මා අවදිවූයේ සීනුවේ නාදයට, හෝටලයේ ලොබිය වෙත යනවිට රාඡා පැමින සිටියේය. මොකෝ රාඡා ටිකක් නිදාගත්තෙ නැද්ද? නෑ සර් මං පැයක් විතර නිදා ගත්ත. රාඡා මතක තියා ගන්ඩ මෙයාල ටිකක් කියනදේ අහනව හොරයි, ඉංග්‍රීසි තේරෙන්නෙත් දෙතුන් දෙනෙක්ට විතරයි, දන්නවනෙ බුල්ගාරියන් කාරයො කියන්නෙ ෆන් එකේම ඉන්ඩ හදන ඡාතියක්, ඕනිම මොහොතක මට කෝල් කරන්ඩ දෙපාරක් හිතන්ඩ එපා. හරි සර්, බය වෙන්ඩ එපා මං බැලන්ස් කරන්නම්, සර්ට කට්ටිය පරිස්සං කරල ගෙනත් දුන්නනං හරිනෙ, හරියටම හරි රාඡ, මට කට්ටියව මං බලා ගන්නව වගේම තියෙන්ඩ ඕනි. ඔන්න වැඩේ හරියට කරොත් මං තව වැඩ අල්ලල දෙනව. රාඡා සිනහවකින් මුව සරසාගත්තාය.
සියලුම දෙනා පැමින අවසන්වනවිට පාන්දර 1.30 පමන විය. නැවත වරක් ඔවුන් අමතා සියලුදෙනාට සමු දුන්නේ සුමන සමන් දිව්‍යරාඡෝත්තමයානන්ගේ ආශිර්වාදයද ඔවුන් වෙනුවෙන් පතමින්ය.
නැවත නින්දට පිවිසියේ ඡංගම දුරකතනයද හැකි පමන ඇසෙන දුරින් තබාගෙනය. එක්වරම තිගැස්සී මා අවදිවූයේ රාඡාගේ දුරකතන ඇමතුමකින්ය.
“ඔහ් 07.00යි වෙලාව.”
හෙලෝ රාඡ මොකද වෙන්නෙ? කට්ටිය බහින ගමන්ද? සර් සර් පොඩි කරදරයක් උනා, එක මහත්තයෙක් එකපාරටම වැටුන සිහිනැතුව වගේ, අපි එන ගමං හිටියෙ සර් කිසිම ප්‍රශ්නයක් මේ වෙනකං උනේ නෑ, මෙතන ඉන්න නෝන කෙනෙක් එයාව බලනව කට්ටියට එයා මොනවද එවාලගෙ භාශාවෙන් මොනවද කිවුව කට්ටියම ගොඩක් කලබල වෙලා ඉන්නෙ, “රාඡ ඉක්මනට ෆෝන් එක ඔතන ඉන්න කෙනෙක්ට දෙන්න.” ඒ අනුව මා සම්භන්ද වූයේ Antonia සමගය, ඇය වෘතියෙන් හෙදියෙකි. ඇය පවසා සිටියේ නිෂ්චිතවම කුමකින් සිදුවූවාද පැවසිය නොහැකි නමුත් ඔහු මිය ගොස් සිටින බවයි. ඒ සදහා යම් යම් දෑ පැවසුවද මා සිහි මද ගතියට පැමිනියේ කරකියා ගත හැක්කක් පවා අමතක කරමින්ය.
සැනින් මා දිවගියේ හෝටලයේ ලොබිය වෙතය. මා කලබලෙන් පැමිනෙනු දැක මා ඉදිරියට පැමිනියේ එම හෝටලයේ කලමාකරැය. ගුඩි මෝනින් සර් මොකද කලබගෙන් වගේ, මා ඔහුට සිද්දිය පවසා සිටියේය, ඔහුද කලබලයට පත්වී මොහොතක් කල්පනා කොට මා හට පවසා සිටියේ පොලිසියද දැනුවත් කොට මෘත ශරීරය පහලට රැගෙන ඒම සදහා කටයුතු සූදානම් කරමුයැයි කියාය. මා තවමත් නිසලය. මෙම ගමනට මා පෞද්ගලිකව සහභාගි නොවීම ගැන සිතින් මා හට චෝදනා කර ගනිමින් කාමරය වෙත හනික දිව ගියේ ඇදුමක් ඇගලෑම සදහාය. මා සිටි කාමරයේ ඉදිරියට මලුව ඉතා මනාවට දිස් වෙමින් පැවතීයේ පැහැදිලි කාලගුන තත්වයත් සමගය. මොහොතක් මා සිත සන්සුන් වී මලුවදෙස බලාගෙනම පය නැවතුනේ ඉබේටම වාගේය.
අහෝ සමන් දෙවියනි මේ කුමක් සිදුවීද? මා ඔබගේ පුන්‍යභූමියට කිසිදා හානියක් කොට නොමැත, කිසිමදාක අගෞරවයක් කර නොමැත්තා සේම මා සමග පැමිනෙන අයෙක්ටද එසේ මා දැනුවත්ව කිරීමට ඉඩ දී නොමැත, ඔබ වහන්සේ විසින්ම මා මෙහි පලමුවරට කැදවා ගත්තාය, එතැන් පටන් හැකි සෑම අවස්ථාවකදීම ඔබ වෙනුවෙන් ඔබේ දෙවොලට කී පාරක්නම් පැමිනියාද?? ඔබ වහන්සේ පිලිබද ඇති අචල විශ්වාසය මේ ඔබ පලුදු කිරීමටද යන්නේ??? අහෝ සමන් දෙවියනි මට පිහිට වන්න, මට කිසිවක් සිතා ගැනීමට නොහැකී. මෙම නඩයෙන් යම්කිසි වරදක් සිදුවූවානම් ඒ වෙනුවෙන් මා මට දඩුවම් නොකලේ මන්ද???? මට පිලිතුරක් අවශ්‍යයි, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! මා සිත ශක්තිමත් කරන්න, මෙම ගැටලුවේදී මා සමග රැදෙමින් මට පිහිට වන්න.
නැවතත් රාඡාගෙන් ඇමතුම් ගලාගෙන එමින් පැවතුනි.
“සර් මං කොල්ලන්ට කතා කර, දැං හතර දෙනෙක් එන්ඩ හදන්නෙ මෙයාව පහලට ගෙනියන්ඩ, මොනා කරන්නද සර් වෙලාව තමයි මෙයා ලංකාවටම ආව මැරෙන්න, සර් බය වෙන්න එපා,
“රාඡා මං එන්ඩ හදන්නෙ දැං මෙහෙන්, පොලිසියටත් යනව,
ආ හරි සර්, සර් එන්ඩ දැං කොල්ලො පිටත් වෙලා බෙඩ් එකත් හදාගෙන. ඇමතුම විසන්දි විය....
මා විගසින් සූදානම් වී රියදුරැ සහ රිය සහයකද කැටුව ගමන ආරම්භ කලේ දැවෙන මනසින් යුතුවය.
දුරකතනය නාද විය “හෙලෝ රාඡා මං මෙ එන ගමන්, සර් සර් නවතින්ඩ, මට විස්වාශ කරන්ඩ බෑ සර් මිනිහ මෙන්න නැගිට්ට, “මොකක්, පිස්සුද මිනිහො”
නෑ සර් නෑ සමන් දෙයියො පල්ල.......
මා සම්භන්ද වූයේ Antonia සමගය
Тони, какво стана???? (ටෝනි කක්වො ස්තාන) ඇයගේ බසින්ම මා සංවාදය ගොඩනැගුවේ ඇයට තේරැම් ගැනීමට පහසු වීම සදහාය.
Неснам Лахи, това е място на Господа, Не разбирам нищо ( මට තේරැම් ගන්ඩ අමාරැයි ලහිරැ, මේකනම් දෙවියන්ගෙම තැනක්)
සංවාදය කෙට් විය, ඔවුන් පැමිනෙන මග මා කල් මැරැවේ වල්ගය දැවෙන හනුමන්තා මෙනි.
යාන්තමින් එකා දෙන්නා ඇදෙන්නට විය, මා දුටු ඔවුන් සිනහවකින් මෙන්ම භීතිය පිරැනු දෙනෙතින්ද යුතුව එක්වර මා අසල නැවතුනි,
ඔහු නමින් Kosta විය, වයසින් අවුරැදු 60 සීමාව පන්නා ඇත, ඡව සම්පන්න තරැනයෙකු මෙන් ඔහුද ඇදී එයි. සිහි එලබ ඔහු පවසා සිටි දෙයින් කන්ඩායමේ සියලු දෙනා විමතියකින් පසුවෙයි,
කොස්ත...මොකක්ද ඔයාට උනේ.....
ලහිරැ මං මෙච්චරයි දන්නෙ. එක පාරටම මං ලොකු කරැවල තැනක පාවෙනව දැනුන, කොච්චර වෙලාවක් එහෙම හිටියද මං දන්නෙ නෑ, එක පාරටම ලොකු එලියක් ඇවිත් මේක තමුංගෙ වෙලාව වුනත් එක හේතුවක් නිසා ඒක නවතිනව. එහෙම කියනව විතරයි මට මතක, ඊට පස්සෙ ඇස් ඇරල බලපුවහමයි ටෝනි එහෙම මගෙ වටේ ඉන්නව දැක්කෙ....
මට සිහිවූයේ එකම දෙයකි.............................................෴.෴෴.
(සංචාරය නිමවී තුන් මසක් ගෙවෙන තැන අවාසනාවන්ත ලෙස කොස්තා ඡීවන ගමන නිම කලහ)