පාට පාට ගල් තියෙන අරුම පුදුම විල................


 පාට පාට ගල් තියෙන අරුම පුදුම විල................ 


⏺️ කැනඩාවේ මායිමේ පිහිටි එක්සත් ජනපදයේ මොන්ටානා ප්‍රාන්තයේ පිහිටි ග්ලැසියර  ජාතික වනෝද්‍යානය විල් 700කට වැඩි සංඛ්‍යාවක් තියෙනවා.මේ විල් අතර සමහරක් විල් වල කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ජල මතු පිටට පහලින් සහ වෙරළ තීරයේ විවිධ වර්ගයේ පාෂාණ හා ගල් කැට පැවතීම. ඒ වගේම මේ පාෂාණ තද රතු සිට මෙරූන් දක්වාත් කොළ සිට නිල්  දක්වාත් වර්ණවලින් යුක්ත වෙනවා. ඒ අතර උද්‍යානයේ  බටහිර පැත්තේ මැක්ඩොනල්ඩ් විල අයත් වෙරළ තීරයේ මේ අපූරු පාට ගල් කැට බහුලව දක්නට ලැබීම  විශේෂත්වයක් වෙනවා.ඒ නිසාම මේ විල පෙබල්ස් විල කියලත් නම් කරනවා.ඒ වගේම අක්කර 6,823ක භූමි ප්‍රදේශයක් ඇති ග්ලැසියර ජාතික වනෝද්‍යානයේ විශාලතම  විල වන්නේ මැක්ඩොනල්ඩ් විල . කිලෝ මීටර් 15ට වඩා දිගින් යුක්ත වන මේ විල මීටර් 141 ක් උසැති නිසා උද්‍යානයේ  පිහිටි විල් අතර ගැඹුරුම විල ලෙසත් නම් කරනවා.ඒ වගේම පෙබල්ස් වැනි පාට පාට පාෂාණ  වගේම උතුරු එලි වැනි ස්වාභාවික සංසිද්ධි මවන නිසා ප්‍රසිද්ධ වුණ මේ අපූරු විල ලෝකයේ සුන්දරත්වය මවන තවත්  එක් ස්ථානයක් විදිහට  නම් කරන්න පුළුවන්........ 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form