චීන ළමයින් අන්තර්ජාලය සඳහා වැය කරන කාලය වැඩි වීම ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරන බවට පසුගිය වසර තුන තුළදී නිළ මාධ්‍ය අනතුරු අඟවා තිබුණි.

 චීන ළමයින් අන්තර්ජාලය සඳහා වැය කරන කාලය වැඩි වීම ඔවුන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය කෙරෙහි බලපෑමක් ඇති කරන බවට පසුගිය වසර තුන තුළදී නිළ මාධ්‍ය අනතුරු අඟවා තිබුණි. ඒ සමගම TikTok(Douyin) මගින් ළමයින්ගේ පරිශීලනය අඩු කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග(රාත්‍රී කාලයේ push notifications ලැබීම නැවැත්වීම වැනි) පෙරදීත් ගත් අතර නැවතත් නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ. එයට අනුව වයස අවුරුදු 14 ට අඩු පරිශීකයින් ඔවුන්ගේ සැබෑ නම් යොදා සත්‍යාපනය කළ යුතු අතර ඔවුන් හට TikTok(Douyin)  භාවිතා කළ හැක්කේ 06:00 සිට 22:00 දක්වා කාලය තුළ මිනිත්තු 40ක් වැනි කෙටි කාලයක් පමණි.තවද Douyin හි පරිශීලක ගිවිසුමට අනුව ඒ අවම වයස් සීමාවක් නොමැති වූවත් වයස අවුරුදු 18 ට අඩු අය නීතීමය භාරකරුවෙකුගේ අනුමැතිය ලබා ගත යුතු බව තවදුරටත් සඳහන් වේ.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form