_හිරු එළිය අපට විටමින් D ලබා දෙන්නේ කොහොමද?_ 🌤️🌄💫🔥😯🌞💫✨

_හිරු එළිය අපට විටමින් D ලබා දෙන්නේ කොහොමද?_

🌤️🌄💫🔥😯🌞💫✨


උදෑසන කාලයේ දී හිරු එළියට නිරාවරණය වීම අපගේ ශරීරයට අතිශයින් හිතකර වන බවත් ඒ හරහා අපගේ දේහයට විටමින් D ලැබෙන බවත් බොහෝ දෙනා දන්න දෙයක්. 🤗 ඇත්තෙන්ම ශරීරයට නිසි පරිදි විටමින් D ලැබීම අපගේ අස්ථි ශක්තිමත් කිරිමටත් අපගේ මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය හොදින් පවත්වාගෙන යාමටත්💪✊ බෙහෙවින් වැදගත් වෙනවා. එහෙත් හිරු එළියට නිරාවරණය වූ පමණින් අපේ සිරුරට D විටමිනය ලැබෙන්නේ කෙසේද යන ප්‍රශ්නය ඇතැම් විට ඔබ තුළත් තිබෙනවා ඇති. ඒ ගැන  සොයා බැලීමට පෙර අපි හිරු එළිය ගැන තරමක් සොයා බලමු.


හිරු එළිය යනු හුදෙක් උදෑසන ඔබ අවදි කරවන හෝ මධ්‍යහනයේ දී ඔබේ සම මත බැබළෙන රන්වන් ආලෝකයම පමණක් නොවෙයි. හිරු එළිය යනු එකිනෙකට වෙනස් තරංග ආයාම හා සංඛ්‍යාතවලින් යුත් ආලෝක කිරණ රාශියක එකතුවක් වන අතර සත්‍ය වශයෙන් ම අපේ පියවි ඇසට පෙනෙන්නේ ඒවායින් කොටසක් පමණයි.😳💥 ඉතිරිය අපේ පියවි ඇසට පෙනෙන්නේ නැහැ . ඔබට උණුසුම ලබා දෙන අධෝරක්ත කිරණ මීට නිදසුනක්, පාරජම්බූල කිරණ ද මෙසේ නො පෙනෙන තවත් කිරණ විශේෂයක්.🔥💤


එවිට විටමින් D සැදීමට දායක වන්නේ කුමන කිරණ වර්ගයද? සූර්යයාගේ සිට අප වෙත ළඟා වෙන ප්‍රධාන පාරජම්බූල කිරණ වර්ග දෙකක් පවතිනවා. ඒවා හැඳින්වෙන්නේ  UV-A හා UV-B ලෙසයි. මේ අතුරින් අපගේ සම මත විටමින් D නිෂ්පාදනය වීමට දායක වන්නේ UV-B ආලෝකය පමණයි. මේ UV-B ආලෝක කිරණ සතුව UV-A ආලෝක කිරණ වලට සාපේක්ෂ ව වැඩි ශක්තියක් පවතිනවා.


UV-B ආලෝකය ඔබේ සම මත ගැටුණු විට ඒ ආලෝක කිරණවල ඇති ශක්තිය ඔබේ සමේ ඉහළ ම තට්ටුවේ ඇති රසායනික ද්‍රව්‍ය සමඟ සංයෝජනය වෙනවා. 🙀 UV - B ආලෝකය උක්ත රසායන ද්‍රව්‍ය තුළට ගමන් කළ විට ඒ හරහා අදාළ රසායන ද්‍රව්‍යයට වැඩි ශක්තියක් ලැබෙන අතර විද්‍යාඥයන් මෙය හඳුන්වන්නේ "උද්දීපනය" වශයෙනුයි. හිරු එළියේ අඩංගු අධෝරක්ත කිරණ වලින් ලැබෙන තාපයත් ඊට එකතු වූ විට මෙලෙස උද්දීපනය වූ රසායනිකයට වැඩි ශක්තියක් ලැබෙන අතර ඒ හරහා උක්ත රසායනිකයේ අඩංගු කොටස් එකිනෙක බැඳ තබාගන්නා සම්බන්ධක බිඳ වැටී, පෙර තිබූ රසායනිකයට හාත්පසින් වෙනස් රසායනිකයක් නිර්මාණය වෙනවා. විටමින් D ලෙස හැඳින්වෙන්නේ මේ නව රසායනිකයයි. ( නමුත් ඇතැම් අවස්ථාවල දී පාරජම්බූල කිරණ අපේ සම මත ඇති රසායන ද්‍රව්‍ය මත ක්‍රියා කර දේහයට අනිතකර සංයෝග ද නිර්මාණය කිරීමේ ඉඩක් ද පවතින අතර ඒවා සමේ පිළිකා තත්ත්ව ඇති වීමට ද හේතු විය හැකියි).😔☹️


මෙසේ හිරු එළියේ ආධාරයෙන් සෑදෙන විටමින් D සම හරහා ගලා යන රුධිරයට එකතු වෙන අතර ඒ හරහා අස්ථි හා මාංශ පේශීන්ට අවශ්‍ය සවි ශක්තිය සැපයෙනවා.


කෙසේ වෙතත් විටමින් D ලබාගැනීම සඳහා හිරු එළියට නිරාවරණය වීම ඇත්තෙන්ම වැදගත් වන නමුත් දැඩි ලෙස අව් රශ්මියට නිරාවරණය වීම නිසා ඔබේ සම පිළිස්සීමට ලක් වන්නට පුළුවන්. මේ නිසා විශේෂයෙන් උදෑසන කාලයේ දී සහ සවස් කාලයේ දී ඔබූ හිරු එළියට නිරාවරණය වන්නේ නම් එය වඩාත් සුදුසුයි. ඊට අමතර ව මාළු, බිත්තර හා හතු වැනි ආහාර වලිනුත් අපිට සුළු වශයෙන් විටමින් D ලබා ගන්නට පුළුවන්.🐟🍳🍄


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form