̶̶̶➤ මුහුදු පතුලේ දූපත් ගොඩනංවන parrotfish
ජනපද ලෙස වැඩෙන ‘කොරල්පර’ ස්වභාව ධර්මයේ අද්විතීය ජීව ව්‍යුහයක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ. සාමාන්‍යයෙන් කොරල්පරයක් නිර්මාණය වන්නේ බිලියන ගණනක් වූ කුඩා බහුපාදීන් එක්වීමෙන් නිම වූ දැවැන්ත කැල්සයිට් තට්ටු හේතුවෙන්.
නමුත් බෙල්ලන්, මත්ස්‍යයින්, මුහුදු හතු සහ මුහුදු ඉකිරියන් බොහෝ විට මෙසේ නිර්මාණය වූ කොරල්පර ටිකෙන් ටික සපා කෑම හේතුවෙන් ඒවා ඛාදනයට ලක් වෙනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නැවත හැඩගැස්විය (reshape) හැකි මුහුදු වැලි සහ ඇතැම් විටෙක කුඩා දූපත් පවා නිර්මාණය වීම යි.
නමුත් මුහුදු පතුලේ දූපත් ගොඩ නැංවීම සඳහා වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගිරා මාළුන් හෙවත් parrotfish විසින් බව යි සඳහන් වන්නේ. බාහිර ජෛව ඛාදන නියෝජිතයන් (external bio erosion agents) ලෙස කටයුතු කරන ඔවුන් කොරල්පර ලෑටිගෑමේ අතුරු ඵලයක් ලෙස විශාල වශයෙන් කාබනේට් අවසාදිත නිෂ්පාදනය කිරීම සිදු කරනවා.
2015 වර්ෂයේ දී ඇමෙරිකානු භූ විද්‍යා සංගමය මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ සෑම වර්ෂයක දී ගිරා මාළුන්ගේ කාබනේට් අවසාදිත රාත්තල් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් මාල දිවයින සතු වාක්කාරු දූපතට අලුතෙන් එක් වන බව යි.