වියට්නාමයේ රන් පාලම
⚪ 2018 විවෘත වූ වියට්නාමයේ රන් පාලම සංචාරකයන් ගේ සිත් ඇද බැද ගන්නා විශ්මිත ස්ථානයකි...... වියට්නාම් භාෂාවෙන් " කෞ වැන්ග්" ලෙස ව්‍යවහාරයේ වන්නේ " රන් පාලම" යන අර්ථයයි...... 2017 දී ඉදිකිරීම ආරම්භ කළ මෙහි එක් වර්ෂයක් තුළ සියලු ඉදිකිරීම් අවසන් කිරීමට හැකි විය...... කෞ වැන්ග් පාලම පිහිටා ඇත්තේ වියට්නාමයේ ඩැනෑන්ග් හී " බා නා " නම් කදුකරයේ ය ...... මුහුදු මට්ටමින් මීටර් 1414 ක් උසින් පවතින මෙහි පහල සම්පූර්ණයෙන් දර්ශනය වන්නේ කොළ පැහැ සාර භූමියකි...... කෞ වැන්ග් පාලමේ විශේෂත්වය වන්නේ එම පාලමේ විසල් අත් දෙකකින් දරා සිටින ලෙස සැකසීමයි....... මෙහි නිර්මාතෘ වන්නේ වූ වියට් අන් නම් නිර්මාපකයා ය.... පාලම සම්පූර්ණයෙන් ස්වාභාවික කිරීම සඳහා ඇවිදින කොටස දෙපස දම් පැහැ මල් වලින් සරසා ඇත .. මෙම දැවැන්ත අත් යුග්මය නිර්මාණය කර ඇත්තේ එම කඳුකරයේ වෙසෙන දෙවියන් සිහි කිරීමටය..... ඒ අනුව මෙම දෙඅත් " දෙවියන්ගෙ අත් " ලෙස විය වියට්නාම් ජාතිකයන් අදහනු ලබයි..... මේ වන විට මෙම ස්ථානය වරකට නැරඹීමට පැමිණෙන පිරිස දහස ඉක්මවයි... මේ ආසන්නයේ සංචාරක ආකර්ෂණය වැඩි කරලනු පිණිස හෝටල් ,දේවස්ථාන හා මල් මතු හා ඉටි කෞතුකාගාරයක් පවතී ....................