ඔබ දන්නවාද ?
🍎 ලෝකයේ ඇපල් වර්ග 7500 ක් පමණ තිබෙන අතර ඒ සෑම වර්ගයක්ම පාහේ රතු, කොළ සහ කහ හෝ ඒ ආශ්‍රිත වර්ණයකින් යුක්ත වේ .නමුත් කළු වර්ණය ට ආසන්න ඉතා තද දම් පැහැයෙන් යුත් ඇපල් වර්ගයක් තිබේ ... Black Diamond Apples ලෙස හඳුන්වන මෙම ඇපල් විශේෂය ටිබෙට් කඳු ආශ්‍රිතව පමණක් වැවෙන ඉතා දුර්ලභ විශේෂයක් වන අතර සාමාන්‍ය ඇපල් වලට වඩා රසයෙන් ද ඉතා ඉහළ වේ .
🍏 මේ ආකාරයට තද දම් පැහැති පොත්තක් ලැබීමට හේතු වී ඇත්තේ භූගෝලීය සාධකයි.දවල් සහ රාත්‍රී කාලය සැලකිය යුතු උෂ්ණත්ව වෙනසකින් යුක්ත වීම මෙන්ම හිරු එළියට සහ පාරජම්බුල කිරණ වලට විශාල ලෙස නිරාවරණය වීම Black Diamond Apples වලට මෙම සුවිශේෂී වර්ණය ලැබීමට හේතු වී තිබේ.කෙසේ නමුත් මේවා වැවෙන්නේ ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ බැවින් වර්ධන වේගය ඉතා අඩුය.
🍎 සාමාන්‍ය ඇපල් ගසකින් ඵලදාව ලැබීමට අවුරුදු 2 - 5ත් අතර කාලයක් ගත වුණත් මෙම ඇපල් වලට අවම වශයෙන් වසර 8ක් වත් ගතවේ.එයිනුත් වෙළෙඳපොළට සැපයෙන්නේ 30% ක් පමණ ප්‍රමාණයක් බැවින් Black Diamond Apples යනු ඉතා දුර්ලභ සහ ඇපල් වලට සාපේක්ෂව ඉතා මිල අධික ය.