🌏ග්‍රහලෝක ( Planets ).

 ග්‍රහලෝක ( Planets ).


සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක අටකි. බුධ, සිකුරු, පෘතුවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් එම ග්‍රහලෝක වේ. අඟහරු හා බ්‍රහස්පති අතර ග්‍රහංශුවලින් සමන්විත ග්‍රහක වළල්ලක් පිහිටා ඇති.මෙම ග්‍රහලෝක  අභ්‍යන්තර ග්‍රහලෝක හා බාහිර ග්‍රහලෝක ලෙස කොටස් දෙකකට බෙදා ඇත.


 ♨️ අභ්‍යන්තර ග්‍රහලෝක( 𝗜𝗻𝗻𝗲𝗿 𝗣𝗹𝗮𝗻𝗲𝘁𝘀.


සූර්යයා සහ ග්‍රහක වළල්ල අතර පිහිටි ග්‍රහලෝක  අභ්‍යන්තර ග්‍රහලෝක ලෙස හැඳින්වේ.අභ්‍යන්තර ග්‍රහලෝක පාෂානමය සංයුතියකින් යුක්ත ය. ඒවා සිලිකේට් හා ලෝහමය ද්‍රව්‍ය වලින් සකස් වී ඇත. බුධ, සිකුරු , පෘතුවිය හා අඟහරු අභ්‍යන්තර ග්‍රහලෝක අතරට අයත් වේ.


♨️ බාහිර ග්‍රහලෝක( 𝗢𝘂𝘁𝗲𝗿 𝗣𝗹𝗮𝗻𝗲𝘁𝘀 ).

ග්‍රහක වළල්ලෙන් පිටත පිහිටි ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස හැඳින්වේ.බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් බාහිර ග්‍රහලෝක කාණ්ඩයට අයත් වේ. ඒවා මූලික වශයෙන් වායුමය සංයුතියකින් යුක්ත ය ( හයිඩ්‍රජන් හා හීලියම් ). 🌏🌕🌞🪐

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form