ලොව විශාලතම භාණ්ඩ නෞකාව... 🛳️🛥️
🚢ලෝකය 21 වන සියවසට පාතබන මේ මොහොතේ විද්‍යාවේ තාක්ෂණික දියුණුවත් සමග විවිධ වූ අත්හදා බැලීම් තුළින් ජපානයේ සමාගමක් මගින් නිෂ්පාදනය කරන ලද ලොව ලොකුම භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නෞකාව ගිනස් වාර්තා පොතට ඇතුළු වූ අතර එම ගෞරවය ජපානයට හිමි උනා..
🚢මෙම නෞකාව හඳුන්වනු ලැබුවේ ජාන්රේ වයිකිං (Janre Viking) නමින්වූ අතර දිග මීටර් 485.45 (අඩි 1504 ක් විය.) ක්ද පළල මීටර් 68.8 (අඩි. 226) ක්..
🚢නැවේ ජලයෙන් යට වූ කොටස මීටර් 24.61 (අඩි 88 අඟල් 9) වීමෙන් නැවේ මුළු උස මීටර් 30 ක් වෙනවා..
🚢ඒ වගේම මේ නැවේ මුළු බර භාණ්ඩ සමග ටොන් 564763 ක් වූ අතර භාණ්ඩ නොමැතිව බර ටොන් 260 857 කින් සමන්විත වෙනවා..
🚢මෙම නැව පළමු නිෂ්පාදනයේදී දැනට පවතින තත්ත්වයට විශාල නොවූ අතර එහි මුළු බර ටොන් 4,80000 ක් විය..
🚢මෙම නෞකාව 1975 දී ජපානයේ සුට්ටොමෝහිදී නිෂ්පාදනය කළ අතර මුල් නම වූයේ සිවයිස් ජයන්ට් ය(SEAWISE GIANT)..
🚢 ප්‍රථමයෙන් නිෂ්පාදනය කළ සමාගම ඉන් වසර 03 කට පසු ජපානයේම නිපෝන් කෝකාන් (NIPPON KOKAN) නම් සමාගමට විකුණු අතර ඔවුන් නැව අලුත් වැඩියා කරමින් නෞකාවට තවත් කොටසක් එකතු කරමින් ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන නෞකාව බවට පත් කළ අතර එහි මුළු දිග මීටර් 485.45 ක් විය..