ලුණු තැනිතලාව🌊❄️
Salar De Uyuni එහෙමත් නැත්තම් මේ ලුණු තැනිතලාව පිහිටල තියෙන්නෙ නිරිතදිග බොලීවියාවේ. මේ අරුම පුදුම ස්ථානය තමයි ලෝකයේ විශාලතම ලුණු තැනිතලාව. හරියටම කිව්වොත් වර්ග කිලෝමීටර 10,000කටත් වඩා විශාල භූමි ප්‍රමාණයක්. ඇන්ඩීස් කඳුමුදුන අසල මුහුදු මට්ටමින් මීටර් 3656ක් උඩින් තමයි මේ අරුම පුදුම ලුණු පිරුණ භූමිය පිහිටල තියෙන්නෙ. පුදුමය කියන්නෙ මේ තැනිතලාව ඉතාම අසාමාන්‍ය පැතලි බවින් යුක්තයි වගේම මීටර කිහිපයක් ඝණකම ලුණු තට්ටුවක් තමයි මේ මතුපිටින් පිහිටල තියෙන්නෙ. සමාන්‍ය වර්ෂාවකින් පස්සේ මේ ලුණු තට්ටුව මත රැඳෙන නිෂ්චල ජල තට්ටුව නිසා මේ ස්ථානය ලෝකයේ ලොකුම දර්පණය බවටත් පත්වෙනවා. ගංඟාවන්වල කාලාන්තරයක් තිස්සේ සිදුවුණ වෙනස්වීම් වල ප්‍රතිඵලයක් විදිහට මේ ලුණු ස්ථරය නිර්මාණය වෙලා තියෙන බවයි මතය..🌊🌊
Tags
places