🍌🌿නම -: අයිස්ක්‍රීම් කෙසෙල් ( ice cream banana )







 🍌🌿නම -: අයිස්ක්‍රීම් කෙසෙල් 

                   ( ice cream banana ) 


🍌🌿විද්‍යාත්මක නම -: Musa acuminata 


🍌🌿වෙනත් නම් -: නිල් ජාවා කෙසෙල් 

                   ( blue java banana )

හවායි දූපත් වල හවායියන් බනානා ලෙස පිලිපීනයේ දි ‘ක්රී’ ලෙස 

මධ්‍යම ඇමරිකාවේ දී ‘සෙන්සියෝ’ ලෙස 


🍌🌿නිජබිම -: ගිණිකොණ දිග ආසියා    

 රාජ්‍යන්  


🍌🌿ශාකයේ ස්වභාවය -: මිටර් 4.5 ත් මීටර් 6ත් අතර උසට වැවෙන ශාකයක් වන මෙයට ඉතාමත් ශක්තිමත් මූල පද්දතියක් ඇත.මෙහි එක් කෙසෙල් ඇවරියක ගෙඩි 7ත් 8ත් අතර පවතී . 


🍌🍌 විශේෂ කරුණු -: 


🔴මෙහි ඇති විෂේශත්වය වන්නේ කෙසෙල් ගෙඩියේ ඇතුළතින් වැනිලා අයිස්ක‍්‍රීම් රසය මතු වීමයි.ඒ හන්දා තමයි මේවා අයිස්ක්‍රීම් කෙසෙල් කියල හදුන්වන්නෙ. 


🔴මෙම කෙසෙල් ගෙඩි නොමේරූ අවධියේ දී නිල් පැහැයෙන් දිස්වුනත් ඉදුණු පසු කහපැහැයට හැරෙයි. 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form