වදවී ගිය මැමත්ගේ DNA සාම්පල පරීක්ෂා කිරීමෙන් වැදගත් සටහනක්..!
වඳ වී ගිය මැමත් (Mammoth) ගේ DNA සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු පෙනී යන්නේ වඳ වී ගිය මැමත්, අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට නෑකම් කියන බවයි. ආසියානු අලින් (Elephas maximus) සහ අප්‍රිකානු අලි විශේෂ දෙක (Loxodonta africana, Loxodonta cyclotis) අතර ඇති පරතරය ඉතා විශාල එකක් වන අතර ආසියානු අලින් සහ මැමත් ඉතා ළඟ ඥාතීත්වයක් ඇති සත්ව විශේෂ දෙකකි. තවද අප්‍රිකානු වලින් සෘජු දළ ඇති අලියා (Straight-tusked elephant) නමින් හඳුන්වන වඳ වී ගිය අලි විශේෂයකට අනෙක් සතුන්ට සාපේක්ෂව ලඟින් නෑකම් කියයි.
ආසියානු අලි 99% මැමත් සතුන්ට නෑකම් කියන අතර මේ නිසාම අලියෙකු භාවිතකර මැමත් පැටවකු බිහි කිරීමය කෘතියක් විද්‍යාඥයින් යෝජනා කර තිබේ. ඔවුන්ට අනුව මළ සිරුරු තුළ ඇති ද්‍රව්‍ය වසර 3,000 සිට 12,000 දක්වා කාලය තුළ විකිරණ හා අයහපත් තත්වයන් හේතුවෙන් ඒවා පිරිහී ඇත. ඒ වෙනුවට මැමත් ජාන සංස්ලේෂණය කර ආසියානු අලියෙකුගේ කලලයක් තුළ තැන්පත් කර පසුව එම කලලය ආසියානු අලියෙකු ගේ ගර්භාෂයේ තැන්පත් කර පසුව ආසියානු අලියාගෙන් දෙමුහුන් වුලි මැමත් පැටවෙකු බිහි කළ හැක. එහෙත් මෙම පර්යේෂණයේ තාක්ෂණික ගැටලු නිසා එය තවමත් සිදු කර නොමැත.
- එදිනෙදා ලෝකය -