අභ්‍යවකාශයෙන් නිකුත් වූ ගුවන් විදුලි සංඥා ඇති විය හැකි හේතු 5 ක්


                                                                                                 

 තාරකා විද්‍යාව: අභ්‍යවකාශයෙන් නිකුත් වූ ගුවන් විදුලි සංඥා ඇති විය හැකි හේතු 5 ක්-අභ්‍යවකාශයේ ඈතින් පිහිටි මන්දාකිණිවලින් නිකුත් වුණු අද්භූත සංඥා පිළිබඳව විවිධ අවස්ථාවලදී වාර්තා වී තිබේ.


FRB (fast radio bursts) හෙවත් අධිවේගී ගුවන් තරංග සංඥා ලෙස හැඳින්වෙන එම සංඥා පෘථිවියේ දුරේක්ෂවල සටහන් වී ඇති ආකාරයට පෙනී යන්නේ, ඒවා ඉතා සුළු වේලාවක් (මිලිතත්පර කිහිපයක්) පමණක් දීප්තිමත්ව තිබී අතුරුදන් වන බවය.


මෙවැනි නවතම ගුවන් තරංග සංඥාවක් පිළිබඳ පුවතක් බීබීසී සිංහල බ්‍රහස්පතින්දා (ජනවාරි 10) පළ කළේය.


ඒ ඉතාමත් ඈතින් පිහිටි මන්දාකිණියකින් (galaxy) විහිදුණු අද්භූත සංඥාවක් කැනඩාවේ දුරේක්ෂයක සටහන් වී ඇතැයි තාරකා විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කිරීමය.


අදාළ ගුවන් විදුලි තරංගයේ ස්වභාවය සහ එය ඇති වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නොමැත.


ආලෝක වර්ෂ බිලියන 1.5 ක් එපිටින් පිහිටි මූලාශ්‍රයක සිට පැමිණි FRB ලෙස සැලකෙන වේගවත් ගුවන් විදුලි තරංග 13 ක් නැවත නැවතත් විහිදීම අසාමාන්‍ය සිද්ධියක් ලෙස තාරකා විද්‍යාඥයෝ හඳුන්වති.


වෙනත් දුරේක්ෂයකට මෙවැනි සිද්ධියක් මීට පෙර වාර්තා වී තිබුණු අතර එය ද එක් වරක් පමණි. 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form