1988 දී ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී .අක්කර 93 ක විශාලත්වයකින් යුක්ත ගාලු කොටුව ලන්දේසි ජාතීන්ගේ පාලන කාලේ නිර්මාණය කරන ලදී. ලන්දේසි තම පාලන මධ්‍යස්ථානය ලෙස ගාල්ල තෝරා ගන්නා ලදි .ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව කළුගල් ,හිරි ගල් ද බදාම ලෙස හුබස් මැටි හා හුණු ද යොදාගෙන ඇත. 1669 වර්ෂයේ දී ගාලුකොටුව නිර්මාණය කර අවසන් විය .ගාලුකොටුවේ ඇති ප්‍රදීපාගාරය ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රදීපාගාරයි.එය 1848 දී අඩි 60 කින් යුක්තව ඉදි කරන ලදි. ශ්‍රී ලංකාවේ ගින්නෙන් විනාශ වූ ප්‍රථම හා එකම ප්‍රදීපාගාරය ද මෙයයි.දැන් දක්නට ලැබෙන්නේ 1939දී ඉදිකළ ප්‍රදීපාගාරය යි .ආසියාවේ දක්නට ලැබෙන අනෙකුත් බලකොටු දෙස බලනවිට විනාශ නො වී පවතින අනර්ඝ ස්මාරකයක් ලෙස මෙය අපට ගෞරවයක් ගෙන දේ .ලෝක උරුම අතරින් 451 වන ස්ථානය ගෙන ඇත්තේ ගාලුකොටුව යි.