චීනයේ කීටැග් ඇතුළේ විකිණෙන පණ තියෙන ජීවිත...💔






 චීනයේ කීටැග් ඇතුළේ විකිණෙන පණ තියෙන ජීවිත...💔

චීනයේ වීදිවල, ඉබ්බන්, කැස්බෑවන් සහ කටුස්සන් වැනි සජීවී සතුන් වර්ණවත් දියරවලින් පුරවා ඇති ප්ලාස්ටික් බෑග්වල මුද්‍රා තබා කීටැග් සහ ජංගම දුරකථන ආභරණ ලෙස විකුණනු ලැබේ.ජීවීන්ට වඩා භාණ්ඩ ලෙස සලකනු ලබන මෙම සතුන්ට,මිනිසුන්ගේ හුදු විනෝදාස්වාදය සදහා අවසානයේ තම ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වේ.

CNN මාධ්‍යජාලය මේ සම්බන්ධව කල වැඩසටහනකදී මෙම සජීවී සත්ව කීටැග් අලෙවිකරුවෙක් මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ "ඇසුරුම තුළ මෙම සතුන්ට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අඩංගු බවයි".නමුත් සත්ව උපදේශකයින් මෙම ප්‍රකාශයට විරුද්ධ වන අතර, පෝෂණය හා ඔක්සිජන් නොමැතිකම ඉක්මනින් සතුන් මරා දමන බව කියා සිටී.අවංකවම, ප්ලාස්ටික් බෑගයක සතෙකු දිගු කලක් ජීවත් නොවන බව වටහා ගැනීමට ඕනෑම මෝඩයෙකුට හැකිය.

නමුත් අවාසනාවකට මෙන්, චීනයේ මෙවැනි සතුන් සදහා සත්ව සුභසාධන නීති නොමැත. 😪💔 අයිතිය මුල් නිර්මාණ කරුවන් සතුයි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form