සී ගිරිය

 Today Travelling :- 2021.11.14





සීගිරිය


ශ්‍රී ලංකාවේ අඩ තනි කලාපයේ පිහිටා ඇති සීගිරිය අයත් වන්නේ, මාතලේ දිස්ත්‍රික්කයටයි. සීගිරිය වටා මනරම් කඳු වළල්ලක් දකින්නට පුළුවන. නැඟෙනහිරින් නුවරගල සහ ගල්ළිඳ කඳු වැටි ද, දකුණෙන් කණ්ඩලම කඳු වැටිය ද, බස්නාහිරෙන් ලෙනදොර අරංගල වැටිය ද, උතුරෙන් රිටිගල කඳු වැටිය ද පිහිටා ඇත. සීගිරිය බලකොටුවක් සහ ආලකමන්දාවක් ලෙස ප්‍රකට ය. කාශ්‍යප රජතුමා ක්‍රි.ව. 477දී පමණ සීගිරිය රාජධානිය බවට පත් කර ගත්තේ යැයි ඉතිහාසයේ සඳහන් වේ. පර්වතය මුදුනේ ඇති රජ මාලිගය, ගඩොලින් තැනූ සිංහ රූපය, ලලනාවන්ගේ රුව රැගත් බිතු සිතුවම්, සීගිරි කැටපත් පවුර, ඇතුළු නුවර හා මළු පෙත්, ජල උද්‍යාන, දිය අගල් හා පවුර, කාගේත් අවධානයට යොමු විය යුතු ම සුවිශේෂ ස්ථාන ය. සීගිරිය සම්බන්ධයෙන් ජනප්‍රවාද රාශියකි. සීගිරිය ඉදි කළේ කාශ්‍යප රජතුමන්ම ද?, ඒ මතට ගමන් කිරීමට රහස් මං තිබුණේ ද? වැනි කාරණා පදනම් කරගෙන, මේ ජනප්‍රවාද ගොඩනැඟී ඇත

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form