මේ අලුත් දවසේ පුංචි උදාහරණයක් පළවෙනියටම මම කියන්නම්. බලන්න.... පලතුරක් යනු ගසකින් උපන් කුඩා ඵලයකි. නමුත් විවිධාකාර ගස් වල විවිධාකාර පැහැයකින්, හැඩයකින් සහ විවිධාකාර රසයකින් යුත් ඵලයන් හට ගනී. ඵලයක් හට ගැනීමට නම් සත්‍ය වශයෙන්ම මලක් පූදිනවාමයි. සෑම පූදින මලක් ගානෙම ඵලයක් හට ගන්නවා මයි. ඵලයක් හට ගන්න නිසැක වශයෙන් ම මල් පූදින්න අවශ්‍යයි වගේම මලක් පූදින්නත් ගසක් තිබිය යුතුයි. ගසක මලක් පූදින්නත් ඒ මලින් ඵලයක් හට ගන්නත් හෙතුව තමයි මේ ලොව සිටින ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා වන සොබාදහමින් විවිධාකාර අගනා අදහස් ය. නිකමට ඔබත් සිතා බලන්න මේ ලොව ඇත්තේ එකම ශාක වර්ගයක් පමණක් නම් එම ශාකය සෑදෙන පලතුර එකම රස නම් එය සොඳුරු දසුනක් ද? එයින් දැනෙන්නේ සොඳුරු රසයක්ද? නැත. සත්‍ය වශයෙන්ම ඔබත් විවිධාකාර ලෙස සිතා විවිධ අදහස් වලින් පිරි මිනිසෙකු වන්න එවිටයි ඔබේ රස තවකෙකු හට ලැබෙන්නේ එයට කදිම උදාහරණය වන්නේ මේ ලොව ශ්‍රේෂ්ඨතම නිර්මාණකරුවා වන සොබාදහම් මාතාවයි. ස්තුතියි මේ ඔබේ ජීවිතේ සොඳුරු උදාහරණයක් ලෙස ගනිමින් අද දවස ඇරඹේවා! එයයි අපේ ප්‍රාර්ථනය !!!🙏🏻🙏🏻🙏🏻