ලෝකයේ විශාලතම බුද්ද ප්‍රතිමාව

 

ලෝකයේ විශාලතම  බුද්ද ප්‍රතිමාව 


ලීසාන් බුදු පිළිමය

ලීසාන් බුද්ධ ප්‍රතිමා වහන්සේ ක්‍රි.ව. 618–907 කාලය තුල චීනයේ ලීසාන් ප්‍රදේශයේ ඉදිකර ඇත. එය නෙළා ඇත්තේ සිචුවාන් පලාතේ ලීසාන් නගරය අසල මින්ජිආන්ග්, ඩාඩු සහ ක්වින්යි යන ගංගා තුන එක්වන මෝය අසල දකුණු කොටසේ ඇති සුවිශාල ශෛලමය බෑවුමකය. මේ යෝධ ප්‍රතිමා වහන්සේ එමි නම් කදුවැටියට මුහුණලා ඇති අතර ගංගාවෝ උන්වහන්සේගේ පාදයන් අසලින් ගමන් කරයි. මේ ලොව ඇති සුවිශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ වන අතරම අතීතයේ නිර්මාණය වූ උසම බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙයි.


1996 සිට එමි කදුවැටියත් ලීසාන් පිළිමවහන්සේ පිහිටි ප්‍රදේශයත් යුනිස්කොව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදි. 2008 වසරේ සිට මේවනතෙක් භූමිකම්පා ආදියද බලපෑවේ නැත.


ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් ආරම්භ වූයේ ක්‍රි.ව. 713 දී වන අතර හයිටොන්ග් නම් ස්වාමීන්වහන්සේ නමක් විසින් එය ඉදිකිරීම් ආරම්භ කරන ලදි. ජලපහරින් නාවික යාත්‍රාවන්ට සිදුවන අනතුරු අවම කර මේ ප්‍රදේශයට ක්ෂාන්තිය උදාවනු ඇතැයි යන අදහසින් උන්වහන්සේ මේ බුද්ධ ප්‍රතිමාවහන්සේ ඉදිකර ඇත. උන්වහන්සේ මේ සදහා රැස්කල මුදල් එම ප්‍රදේශයේ බලධාරීන් විසින් අත්පත් කරගැනීමට තැත්කල අවස්ථාවේ උන්වහන්සේ ඇස්දෙක උගුලුවා දුන්නත් මුදල් ලබා දෙන බව පවසා ඇසක් ගලවාලූ බව දැක්වේ.


උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු අරමුදල අවසන් වූවයන් නිර්මාණ කටයුතු ඇණහිටි අතර ඉන් වසර 70කට පසු ජයිඩිෂු නම් පලාතේ හමුදා පාලක තැන මේ ව්‍යාපෘතිය වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට තීරණය කල අතර හයිටොන්ග් හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ දෙනමක් විසින් ක්‍රි.ව. 803දී පමණ මෙහි වැඩකටුයුතු අවසන් කරන ලදි.


මීටර 71ක් නැතහොත් අඩි නැතිනම් අඩි 233ක් උසැති මේ පිළිම වහන්සේ අති දනහිස මත තබාගෙන සිටී. උන්වහන්සේගේ උරහිස් මීටර 28ක් පලල් වන අතර පාදයේ කුඩාම ඇගිල්ල මිනිසෙකුට පහසුවෙන් නවාතැන් ගැනීමට ප්‍රමාණවත් වෙයි. පෙනෙන අයුරින් මේ දැවැන්ත බුදුපිළිම වහන්සේ නිර්මාණය කිරීමට ශෛලමය බෑවුමෙන් අතිවිශාල ප්‍රමාණයක් කලුගල් කුට්ටි ඉවත්කිරීමට සිදුවූ අතර ඒ හේතුවෙන් ගංගා පත්ලේ තැන්පත් වූ එම ගල් කැබලි නිසා සැබැවින්ම එහි ජලපහරේ වේගය අඩුවී ඇත.


මෑතකදී ඇතිවූ අහිතකර සංවර්ධන ක්‍රියාමාර්ග නිසා මෙන්ම සංචාරකයන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා ලීසාන් බුද්ධ පිළිම වහන්සේ අවට පරිසරය විශාල වශ‍ෙයන් දූෂණය වීමට පටන් ගෙන ඇත....

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form