දේදුනු යුකැලිප්ටස් (Rainbow Eucalyptus ) 🌈 🌳

 



දේදුනු යුකැලිප්ටස් (Rainbow Eucalyptus ) 🌈 🌳


 පිලිපීනයේ තියෙන "දේදුනු යුකැලිප්ටස්" ගස ගැන තමයි අද කතා කරන්න යන්නේ. සොබාදහමේ විශ්මිත, අපූර්වත්ව විදහාපාන මේ ගස දිහා බලන කෙනෙකුට නම් පෙනෙන්නේ දක්ශ චිත්‍ර ශිල්පියෙකු විසින් ගසේ පොත්ත මත දීප්තිමත් වර්ණ  ආලේප කරලා තියෙනවා වගෙයි.👩‍🎨


කඩදාසි නිර්මාණය කිරීම සඳහා මෙම ගස් යොදා ගන්න අතර දේදුන්නේ පාට වර්ග කීපයක්ම මේ ගසේ වර්ණ ගැන්විලා තියෙන නිසයි මෙයට දේදුනු යුකැලිප්ටස් කියලා කියන්නේ.  මේ ගස, පිට පොත්ත නිරන්තරයෙන් හලා දමන අතර ගසේ පොතු පරණ වන තරමටම ඒවා විවිධාකාරයේ පාට සංකලනයන් පෙන්නුම් කරනවා. 


ගසේ පොත්ත හැලෙන විට පිළිවෙලින් කොළ, නිල්, දම්, තැඹිලි වර්ණ ගන්න අතර අවසානයේ පොත්ත දුඹුරු පැහැයක් ගන්නවා. දුඹුරු පැහැය පොත්තේ අවසානය එහෙම නැත්නම්  මරණයේ පැහැය වෙමින් ගසින් ගැලවී යනවා.......


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form