තුන් වතාවක් ඔලිම්පික් ක්‍රීඩකයෙකු වූ ඉන්දියාවේ ට්‍රැක් ස්ටාර් මිල්කා සිං මහතා කොවිඩ්-19 නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ. මියයන විට ඔහුට වයස අවුරුදු 91කි.

 


තුන් වතාවක් ඔලිම්පික් ක්‍රීඩකයෙකු වූ ඉන්දියාවේ ට්‍රැක් ස්ටාර් මිල්කා සිං මහතා කොවිඩ්-19 නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් තිබේ. මියයන විට ඔහුට වයස අවුරුදු 91කි.

මීටර් 400 පිරිමි ඉසව්වේ සිං දෙවරක් ආසියානු ක්‍රීඩා ශූරයා වූ අතර 1960 දී රෝමයේ පැවති ඔලිම්පික් උළෙලේදී ඔහු සිවුවැනි ස්ථානයට පත්විය. පළමු අවසන් තරඟකරුවන් සිව්දෙනාම පෙර ලෝක වාර්තාව බිඳ දැමූහ. මෙම කාරණය නිසා ඔහුව පියාඹන සික්වරයා ලෙස නමක්ද පටබැදුනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සෙනසුරාදා සිංගේ අභාවය ගැන ශෝක වෙමින් කියා සිටියේ රටට “සුවිශේෂී ක්‍රීඩකයෙකු” අහිමි වී ඇති බවයි.

සිං මහතා ඉන්දියාවට මහත් අභිමානයක් ගෙනෙන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙකු වූ අතර ඔහුගේ ජීවිත කතාව රකීෂ් ඔම්ප්‍රකාෂ් මෙහ්රා විසින් අධ්‍යක්ෂණය කර, 2013 දී “භාග් මිල්කා භාග්” නමින් චිත්‍රපටයක් බවට පත් විය.

සිං ආසියානු සංචාරයේ හිටපු ඉහළ පෙළේ ගොල්ෆ් ක්‍රීඩක ජීව මිල්කා සිංගේ පියා වූ අතර ඔහුගේ මරණය සිදුවන්නේ ඔහුගේ බිරිඳ වන ඉන්දියාවේ හිටපු වොලිබෝල් නායක නිර්මාල් කෞර් COVID ආශ්‍රිත හේතූන් මත මියගොස් දින කිහිපයකට පසුවය.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form