Today Travelling :- 2021.12.07
හික්කඩුව වෙරළතීරය
Hikkaduwa Beach – හික්කඩුව වෙරළතීරය
විදේශීය සංචාරකයින් විශාල වශයෙන් ලංකාවට පැමිණීමට ශ්‍රී ලංකාවේ පිහිටි මනරම් වෙරළ තීරයන් ඉවහල් වේ. හික්කඩුව වෙරළතීරයද ඒ අතර ප්‍රධාන තැනක් උසුලයි.
සුන්දර වෙරළ තීරය මෙන්ම නවාතැන් සහ ආපනශාලා පහසුකම් නිසාම සංචාරක පුරවරයක් වී ඇති හික්කඩුව විවේකි සති අන්තයක් ගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැක.
හික්කඩුව වෙරළ තීරය තව තවත් සුවිශේෂී වන්නේ එහි ඇති විසිතුරු කොරල්පර සහ ඒ ආශ්‍රිත මුහුදු ජීවීන් දැකගත හැකි නිසාවෙනි.
කිමීදිම, snorkeling මඟින් කොරල් සහ මුහුදු ජීවින් දැක ගැනීමට මෙන්ම surf කිරීම, බෝට්ටු සවාරි සඳහා තිබෙන පහසුකම් නිසාවෙන් හික්කඩුව දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ නවතැන්පලක් වී ඇත.
සංචාරකයකු ලෙස හික්කඩුව වෙරළ හි ඇති කොරල්පර වලට හානි කීරිමෙන් වැළකීමත්, මුහුදට සහ පරිසරයට අපද්‍රව්‍ය එකතු කර මෙම සුන්දරත්වය විනාශ නොකර සිටීමත් ඔබගේ වගකීමකි.