Fake Email  එකක් ඕනේ වෙනවද?

තමන් හොඳින් ම නොදන්නා කෙනකුට තමන්ගේ පෞද්ගලික Email ලිපිනය ලබා දෙන එක සමහරවිට තරමක් කරදරකාරී තත්වයක් වෙන්නට පුළුවන්. අප භාවිත කරන සමහරක් අන්තර්ජාලය ආශ්‍රිත සේවාවලදිත් ගිණුමක් හදාගන්න අපේ Email ලිපි වුවමනා වෙනවා. ඒ වෙනුවෙන් අපේ පෞද්ගලික email ලිපිනය දුන්නොත් බොහෝ විට අපේ සම්පුර්ණ inbox එක ම කරදරකාරී අනවශ්‍ය Emailවලින් පිරි යන්නට ඉඩ තියෙනවා.

හැබැයි ඉතින් Gmail වගේ සේවා භාවිත කරද්දී හදන ඊමේල් ලිපින වෙනුවෙනුත් අපේ දුරකථන අංක ලබා දෙන්න සිදු වෙනවා. මේ කරදරකාරී වැඩෙන් බේරෙන්න හොඳ ම විසඳුම තමයි තාවකාලික ඊමේල් ලිපිනයක් හදා ගන්න සේවාවක් භාවිත කිරීම. පහළින් තියෙන්නේ එවැනි සේවා කිහිපයක්. ඊට අමතර ව ඊමේල් භාවිත කරද්දී අපි හැමෝට ම අවශ්‍ය වෙන ට්‍රික්ස් කිහිපයකුත් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන්.

විනාඩි 10ක් වගේ කාලයකට email - 10minutemail.com

1. 10 Minute Mail 

ඔබට තාවකාලික ව යම් ඊමේල් ගිණුමක් හදා ගන්න අවශ්‍ය නම් මේ තමයි හොඳ ම ක්‍රමවේදය. සමහර සේවා නොමිලේ වුණත් ඔබට ඒවා භාවිත කරන්න ඉඩ ලබා දෙන්නේ නැහැ ගිණුමක් නිර්මාණය නොකරගෙන. ඒවෙලාවට ඔබේ පිහිටට එන්නේ 10minutemail.com. විනාඩි 10කට සැරයක් ඔබට අලුත් ඊමේල් ලිපිනයක් සහ විනාඩි 10ක කාලයකට ඒ ලිපිනය සඳහා ඔබට ඉන්බොක්ස් එකකුත් ලැබෙනවා.

කොහොම නමුත් ඊට වඩා කාලයක් ඔබට අවශ්‍ය නම් මේ ඔස්සේ කාලය දීර්ඝ කර ගැනීමටත් අවස්ථාව ලබා දෙනවා. හැබැයි නැවත ඔබට ඒ ලිපිනය හෝ ඉන්බොක්ස් එක භාවිත කරන්න නම් ඉඩ ලැබෙන්නේ නැහැ, ඒවගේම මේ ලිපින සමාජ ජාල ගිණුම් නිර්මාණය වෙනුවෙන් භාවිත කරන්න යන්න එපා, සමාජ ජාල ගිණුම් ඉතාම ඉක්මනින් block වෙන්න මෙය බලපාවි. 

2. Guerrilla Mail 

guerrillamail.com කියන්නෙත් තවත් ඉතා ම හොඳ තාවකාලික ඊමේල් ලිපින ලබා දෙන සේවාවක්. බොහොමයක් ඊමේල් සේවාවල වගේ ඊමේල් ලබා ගන්න විතරක් නෙමෙයි random ඊමේල් ලිපිනයකින් ඊමේල් යවන්නත් ඔබටමේ හරහා අවස්ථාව  ලැබෙනවා. අවශ්‍ය නම් යම් ෆයිල් එකක් වුණත් මේ ඔස්සේ අදාළ ඊමේල් ලිපිනයට අමුණා යවන්න ඔබට පුළුවන් වෙනවා.  කලින් සඳහන් කරපු සේවාව වගේ මේ ලිපින නම් නැති වෙන්නේ නැහැ. ඔබට ලැබෙන ලිපිනය මතක තබා ගතහොත් ඕනෑම වෙලාවක මේ ඊමේල් ලිපිනය ඔබට භාවිත කරන්න හැකියාව ලැබෙනවා.

හැබැයි මේ සේවාවේ කිසිම ආකාරයකින් ගිණුමක් හදා ගන්න අවශ්‍ය නොවන නිසා ඔබේ ඊමේල් ලිපිනය තිබෙන ඕනෑම කෙනකුට එය ඇතුළත් කර ඒ වෙත ලැබී ඇති ඊමේල් පණිවිඩ කියවන්න හැකි වෙනවා. මේ සේවාවත් සමාජ ජාල වෙත පිවිසීමට භාවිත කරන්න එපා. ඉතාම ඉක්මනින් ඔබගේ ගිණුම් අක්‍රීය වෙන්නට එය හේතුවක් වේවි. තවත් මෙහි තිබෙන විශේෂ පහසුකමක් තමයි ඔබට ඔබේ ඊමේල් ලිපිනයේ මුල කොටස එහෙම නැති නම් user name එක තරමක් දුරට වෙනස් කිරීමේ හැකියාව පවතිනවා. ඒවගේම තවත් අමුතු ගණයේ පහසුකම් රැසක් ද මේ සතුව පවතින බව කියන්න ම ඕනේ.

2. random ඊමේල් ලිපිනයකින් ඊමේල් යවන්න - guerrillamail.com 

3. SimpleLogin | Anti-spam 

SimpleLogin | Anti-spam කියන්නේ ඔබට ඔබේ නොමිලයේ ලබාගන්න පුළුවන් තවත් ඊමේල් සේවාවක්. මේ හරහා ඉහත සේවා දෙකටම වඩා සුවිශේෂ පහසුකම් රැසක් සපයනවා. විශේෂයෙන් එකවර ඊමේල් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යන්න පුළුවන් පහසුකම ඒ අතරින් හරිම විශේෂයි.

ඊට අමතරව අවශ්‍යය ඕනෑම වෙලාවක ඒ ඊමේල් ලිපිනය අක්‍රීය කරන්නත් ඔබට ඉතාම පහසුවෙන් හැකියාව තිබෙනවා. ඔබට ඒ ඊමේල් ලිපිනයට එන ඕනෑම ඊමේල් එකක් ඔබේ ප්‍රධාන ඊමේල් ගිණුමට ඉබේ ම ෆෝර්වර්ඩ් වෙන්නත් ඔබට අවශ්‍ය නම් ඒ සැකසුම් සහ පහසුකම් සියල්ලත් මේ SimpleLogin | Anti-spam සතුව තියෙනවා. 

3. එකවර ඊමේල් ගිණුම් කිහිපයක් - Simplelogin.io 

SimpleLogin | Anti-spam නොමිලේ ලබදෙන පහසුකම් යටතේ ඔබට එකවර ඊමේල් ගිණුම් 15ක් පමණ හදා ගන්න හැකියාව තියෙනවා. මේ සේවාව හරහා ඔබට අවශ්‍ය නම් සමාජ ජාල ගිණුම් වුවත් නිර්මාණය කර ගන්නට හැකියාව තියෙනවා. SimpleLogin | Anti-spam සේවාව වෙත වෙනවෙන ම ඔබට simplelogin.io,  Playstore හා Appstore වෙතින් apps නොමිලේ ලබාගන්න හැකියාව තියෙනවා.

ඊට අමතරව ඔබ භාවිත කරන වෙබ් බ්‍රව්සර් එක අනුව extension පවා ලබාගන්නට ඔබට පුළුවන් වෙනවා. මේ සේවාව හුදෙක් ම තාවකාලික ඊමේල් එකක් විදිහට භාවිත කිරීම නම් එච්චර ම පහසුවක් නැහැ. කොහොම වුණත් දීර්ඝ කාලීන ව ඊමේල් ලිපින ගණනාවක් භාවිත කරන්න හිතන් ඉන්නවා නම් මෙය මුදල් ගෙවා මිලදී ගත්තත් එය පාඩුවක් නොවන බව නම් කියන්න ඕනේ. 

 Email Tracker for Gmail  - mailtrack.io 

Mail Tracking 

සාමාන්‍යයෙන් instant messages platformවල තිබුණත් emailවල දකින්න නොලැබෙන පහසුකමක් තමයි ඊමේල් ට්‍රැකින්ග් කියන්නේ. අදාළ කෙනාට ඊමේල් එක ලැබුණ ද?  කියෙව්ව ද කියලා දැන ගන්න තියෙන පහසුම ක්‍රමවේදය තමයි කෝල් එකක් දීලා අහන එක.

හැබැයි තවදුරටත් ඒක එහෙම වෙන්න අවශ්‍ය නැහැ. ඔයාල පාවිච්චි කරන්නේ gmail එකක් නම් ම,ඒ වැඩේ තවත් පහසු යි. කරන්න තියෙන්නේ ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකට Email Tracker for Gmail, Mail Merge-Mailtrack කියන එක්ස්ටෙන්ෂන් එක දාගන්න එක.

මේ හරහා සාමාන්‍යයෙන් WhastApp පණිවිඩයක් යැව්වහ ම ඔබගේ පණිවිඩය ලබන කෙනා එය දැක්ක ද එය එයාට ගියා ද කියලා දැනගන්න ආකාරයට ම කිය වූ හැම ඊමේල් එකකට ම හරි සලකුණු දකින්න ලැබෙනවා.

සම්පුර්ණයෙන්ම නොමිලේ Unlimited භාවිත කරන්න පුළුවන් සේවාවක් තමයි මේක. හැබැයි නොමිලේ ලබාදෙන සේවාවේ දී නම් ඔයාගේ ඊමේල් එකේ යටින් Email Tracker එකේ සංකේතයක් දකින්න ලැබෙනවා අනිත් කෙනාටත්.

Bananatag තරමක් advanced tool එකක් - staffbase.com 

 Bananatag 

මේක තරමක් advanced tool එකක්. bananatag.com හරහා ඔබට පුළුවන් ඔබ යවන ඊමේල් එක ඇතුළෙ තියෙන ලින්ක්ස් වගේ දේවල් අදාළ කෙනා ක්ලික් කළා ද? ඒ වෙලාවේ එයා ඉන්න location එක, එයා මේ ඊමේල් එක බලන උපාංගය ගැන යම් විස්තරත් මේ හරහා දැන ගන්න පුළුවන් වෙනවා. මේ සේවාවනම් තරමක් මිලෙන් අධික යි. සාමාන්‍ය පුද්ගල භාවිතයට වඩා විශාල ආයතනවලින් තමයි  මේ සේවාව ලබා ගන්නෙ.