Project Azorian හෙවත් ඇසෝරියන් ව්‍යාපෘතිය හැඳින්වෙන්නේ සීතල යුධ සමයේදී ක්‍රියාත්මක වුණ ඉතාමත් සංකීර්ණ, රහසිගත හා මිල අධික බුද්ධි මෙහෙයුම් වලින් එකක් ලෙසයි.
1968 වසරේදී පැසිෆික් සාගරයේ යාත්‍රා කරමින් තිබූ K-129 නම් සෝවියට් සබ්මැරීනය න්‍යෂ්ටික මිසයිල 4 ක් සහ නාවිකයන් 70 දෙනෙක් ද සහිතව උතුරුදිග පැසිෆික් සාගරයේ අනතුරකට ලක්ව මුහුදුබත් විය. අනතුරෙන් පසුව සබ්මැරීනය සොයාගැනීමට සෝවියට් දේශය මාස දෙකක් තිස්සේ මහා පරිමාණ මෙහෙයුමක් සිදුකර කලද ඔවුන්ට කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට නොහැකි විය.
මේ සිද්ධිය ඇමරිකාවට අසන්නට ලැබීමත් සමග සෝවියට් න්‍යෂ්ටික අවි පිළිබඳ දැනගැනීමට මෙය ඉතා වටිනා අවස්ථාවක් ලෙස සැලකූ CIA සංවිධානය ඔවුන්ගේ තාක්ෂණය උපරිමයෙන් යොදා සබ්මැරීනය සොයා ගැනීමට මෙහෙයුමක් දියත් කරන ලදී.
විශේෂයෙන්ම ඇමරිකාව මෙවැන්නකට අත ගැසුවේ R 21 වර්ගයේ සෝවියට් න්‍යෂ්ටික මිසයිල කිහිපයක් මෙම සබ්මැරීනය තුල තිබුණු නිසයි. R-21 යනු සබ්මැරීනයක සිට නිකුත් කල හැකි (SLBM) පළමු සෝවියට් න්‍යෂ්ටික මිසයිල වර්ගයයි. සෝවියට් න්‍යෂ්ටික මිසයිල තාක්ෂණය අධ්‍යයනය කිරීමට හැකිවීම ඇමෙරිකාවට මේ හරහා ලැබෙන එක් වාසියක් වූ අතර සෝවියට් නාවික කේත කියවීමට හැකි උපකරණ (cryptological documents /equipments) සබ්මැරීනය තුල අනිවාර්යයෙන්ම අඩංගු විය හැකි බව ඇමෙරිකානුවන්ගේ විශ්වාසය විය.
සබ්මැරීනය සොයා ගිය CIA වෙතට අවශ්‍ය වූ ඔත්තුව ලැබුණේ ඔවුන්ගේ ම දත්ත මධ්‍යස්ථානයකිනි. 1968 මාර්තු 8 වනදා කැලිෆෝනියාවේ Point Soor මධ්‍යස්ථානය ට පිපිරීමකින් ඇතිවූ ඉතා කුඩා සංඛ්‍යාතයක තොරතුරක් ලැබී තිබුණි. එය විශ්ලේෂණය කිරීමෙන් පසු හවායි වෙතට නාවික සැතපුම් 1900 ක් උතුරින් පිහිටි ස්‌ථානයකින් එම සංඛ්‍යාතය නිකුත් වූ බවට සොයා ගන්නා ලදී. සබ්මැරීනය අනිවාර්යයෙන් එම ස්ථානයේ තිබිය යුතු බව CIA සංවිධානයේ අදහස විය.
එම ස්ථානය අධ්‍යයනය කිරීම සඳහා USS halibut නම් සබ්මැරීනය එම ස්ථානයට පිටත් කරන ලදී. ඇමරිකාව සිතුවා නිවැරැදිය. ගිලී ගිය සබ්මැරීනය එම ස්ථානයේ අඩි 16000 ක් ගැඹුරේ තැන්පත්ව තිබිණි. දැන් ඔවුන්ට අවශ්‍ය වූයේ සබ්මැරීනය ගොඩ ගැනීමටයි. Operation Valley dollar මෙහෙයුම යටතේ ගිලුණු සබ්මැරීනයේ ඡායාරූප 20000 ක් පමණ රැස් කර ගත් CIA සංවිධානය ඒ ඡායාරූප අනුසාරයෙන් 1970 වසරේදී සබ්මැරීනය ගොඩ ගැනීම සඳහා රහසිගත සැලසුමක් සකස් කරන ලදී. ඇමරිකානු ආරක්ෂක ලේකම් Melwin layard ගේ අත්සනින් යුතු ඒ සැලසුමට ජනපති රිචඩ් නික්සන්ගේ අනුමැතිය ලැබීමත් සමග මෙහෙයුම CIA සංවිධානය වෙත බාර දෙන ලදී.
භාරදූරම කාර්යය ඇරැඹුණේ ඉන් පසුවයි. CIA සංවිධානය මේ සදහා තෝරාගෙන තිබුණේ ඉතා අපහසු මාර්ගයකි. ඔවුන්ගේ සැලසුමට අනුව සබ්මැරීනය ගොඩ ගනු ලබන්නේ විශේෂිත නෞකාවක් මගිනි. නැවේ පතුල විවර කල හැකි පියනක් ලෙස පැවැතිය යුතු වූ අතර සබ්මැරීනය අල්ලා ගනු ලබන්නේ එම විවරය තුළින් එළියට දමන අඩි 60 ක දිගින් යුත් යකඩ කේබල් මගින් අල්ලා ගත් අඬුවක් මගිනි. අඩුව මගින් උඩට ගෙන එන සබ්මැරීනය නැව තුළම තැන්පත් කළ හැකි විශේෂිත තටාකයක් ද තිබිය යුතු විය. (Photos වලින් පැහැදිලි වෙයි)
````ඒ අනුව මෙම නැව ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වේ.```
+ නෞකාව
+ සබ්මැරීනය ගොඩගන්නා අඬුව
+ සබ්මැරීනය තැන්පත් කරන තටාකය
මෙහිදී වැඩි අවධානයක් යොමු කල යුතු වූයේ නැව කෙරෙහි යි. තනි නැවක් මගින් සබ්මැරීනයක‍් ගොඩ ගැනීම පහසු කාර්යයක් නොවේ. විශේෂිත තටාකය ජලයේ ගිල්විය හැකි එකක් විය යුතු අතර එය ඇමරිකාව වෙත පැමිණි පසු තටාකය ගිල්වා දැමීමෙන් සබ්මැරීනය පිටතට ගැනීම සිදුවිය.
මෙහෙයුමේ රහසිගත භාවය සලකා බලා ඒ වන විටත් ගැඹුරු මුහුදේ කැණීම් කටයුතු වල පුරෝගාමියකු වූ Global Marine Incorporation ආයතනය වෙත නෞකාවේ ඉදිකිරීම් කටයුතු බාර දුනි. ඔවුන් මීට පෙරත් CIA වෙත මෙවැනි මෙහෙයුම් සඳහා උදවු කර තිබුණි. ෆිලඩෙල්ෆියාවේ 'ද සන්' නැව් අංගනයේ "හියුස් ග්ලෝමර් එක්ස්ප්ලෝරර්" ලෙස නම් තැබූ එම නෞකාව ඉදිකරන ලදී. විශේෂිත අඬුව නිර්මාණය කරන ලද්දේ Lockheed සමාගම විසිනි.
කෝටිපති ව්‍යාපාරික හොවාර්ඩ් හියුස් ගේ ආයතනයේ නමට නෞකාව ලියාපදිංචි කරන ලද්දේ එහි රහසිගත බව ආරක්ෂා කිරීම සඳහායි. එනමුත් ව්‍යාපෘතිය ට සම්පූර්ණ අරමුදල් යොදවන ලද්දේ CIA සංවිධානය විසිනි. මෙම දැවැන්ත මෙහෙයුම ලෝකයෙන් වසන් කරන්නට එක්සත් ජනපදය සාර්ථක සැලැස්මක් නිර්මාණය කර තිබිණි. සියළු මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබුණේ මෙය මුහුදු පත්ලේ ඛනිජ කැණීමේ මෙහෙයුමක් බවයි. (Economist magazine). New scientist මගින් වාර්තා කලේ එම නෞකාව මගින් දිනකට ටොන් 5000 ක ඛනිජ කණින ඇති බවටයි.
1974 ජූනි 20 දා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සිට ගමන් ඇරඹූ Hughes Glomar Explorer නෞකාව සබ්මැරීනය ගිලීගිය ප්‍රදේශයට පැමිණියේ 1974 ජූලි 4 වෙනිදායි. එතැන් පටන් ඇරඹුණු සබ්මැරීනය ගොඩ ගැනීමේ මෙහෙයුම මාසයක් පුරා සිදුකරන ලදී. නමුත් එම කාර්යය තමන්ට රිසි පරිදි නිවීසැනහිල්ලේ කිරීමට ඇමෙරිකානුවන්ට අවස්ථාවක් නොලැබුණේ එම කාල සීමාව තුල සෝවියට් නෞකා 2ක් Hughes Glomar Explorer නෞකාව අවට ප්‍රදේශයේ සැරිසැරීම නිසයි.
සෝවියට් නැව් එම මුහුදු කලාපයේ සැරිසැරුවේ තම සබ්මැරීනය ගොඩ ගැනීමේ ඇමෙරිකානු උත්සාහයක් ගැන සැක සිතීම නිසා බව 1991 පසු අනාවරණය වී තිබේ. එවැන්නක් සිදුවේ නම් වහාම එය වැළැක්වීමට ක්‍රියා කරන ලෙස සෝවියට් නාවික හමුදාවට උපදෙස් ලැබී තිබුණද සබ්මැරීනය ගිලීගිය ස්ථානය සෝවියට් දේශය විසින් නිවැරදිව හඳුනාගෙන නොතිබූ නිසා එවැන්නකට ඉඩ නොලැබුණි.
සෝවියට් නෞකාවල නිරීක්ෂණයට ලක්නොවී සූක්ෂමව සබ්මැරීනය ගොඩගැනීමට ඇමෙරිකානුවන්ට සිදුවිය.සෝවියට් හෙලිකොප්ටර් Hughes Glomar Explorer නෞකාවේ තට්ටුව මත ගොඩබෑම වැළැක්වීමට පථය අවුරා දමන ලදි. නමුත් සබ්මැරීනය මතුපිටට ගෙන එද්දී එහි සුන්බුන් සාගරය ජලයේ ඉලිප්පීමට තිබෙන ඉඩ නිසා මෙහෙයුමේ රහස්‍යබාවය සෝවියට් නාවික හමුදාවට අනාවරණය වීමේ අවදානමක්ද තිබිණි.
1974 අගෝස්තු මාසයේ 4 වනදා සබ්මැරීනය මතුපිටට රැගෙන එද්දී එහි කොටසක් යළි කඩා වැටිණි.ඉතිරි වූයේ ඉන් 2/3 කොටසක් පමණි(අඩි 38 කැබැල්ලක්). මෙම අසාර්ථකත්වයට බලපෑවේ සබ්මැරීනය ඩැහැගැනීමට නිර්මාණය කර තිබූ උපකරණයේ ලෝහ නිය ශක්තිමත් ලෝහයෙන් නිර්මාණය කර තිබුණත් ඒවා නැමෙන සුළු නොවීමයි. ගොඩගත් කොටසින් ද බලාපොරොත්තු වූ දෙය ඔවුන්ට නොලැබුණි.
ඒ තුළ තිබී ටෝර්පිඩෝ දෙකක් ගොඩගන්නා ලදි.ඊට අමතරව සෝවියට් නාවිකයන් හයදෙනෙක්ගේ මළසිරුරුද සොයාගන්නා ලද අතර ඒවා ලෝහ පෙට්ටිවල දමා හමුදා ගෞරව සහිතව මුහුදේදීම භූමදාන කර තිබේ. Hughes Glomar Explorer නෞකාව 1974 සැප්තැම්බර් මාසයේදී වෙත පැමිණෙන්නේ සබ්මැරීනයෙන් ලබාගත් ද්‍රව්‍යයන් සහිත පෙට්ටි සමගයි.ගොඩගත් සබ්මැරීනයේ කොටස වොෂින්ටන් හි ඹන්ගොර් සබ්මැරීන කඳවුරට ගෙනයන ලදි.
පළමුවරට Azorian ව්‍යාපෘතිය සම්බන්ධව එක්සත් ජනපද වැසියන් දැනුවත් කරන්නේ Jack Anderson නැමැත්තාය. ඉන්පසු Seymour Hersh නම් මාධ්‍යවේදියා විසින් මෙම රහස් ව්‍යාපෘතිය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත ඔස්සේ අනාවරණය කරන ලදී (1975). සබ්මැරීනය ගොඩගැනීමේ මෙහෙයුම CIA සංවිධානය විසින් චිත්‍රපටගත කර තිබූ අතර භූමදාන කල සෝවියට් නාවිකයන්ගේ සිරුරු හය 1992 දී රුසියානුවන්ට භාරදෙන අයුරු එම චිත්‍රපටයේ කොටසක අඩංගුව තිබේ.
2010 වසරේදී Azorian ව්‍යාපෘතිය සම්බන්ධව වාර්තාවක්ද CIA සංවිධානය විසින් නිකුත් කරන ලදි. Project Azorian සම්බන්ධව CIA සංවිධානයට මහජන මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් බොහෝ චෝදනාවන් එල්ල වූ අතර ඇමරිකාව එකල මේ වෙනුවෙන් ඩොලර් මිලියන 800 ක් වියදම් කර තිබීම එයට ප්‍රධාන හේතුව විය.