අම්බුලුවාව කන්දේ තොරතුරු .............
✴️ ගම්පොළ නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර් 5 ක් පමණ යද්දී අම්බුලුවාව කදු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන් .............. අක්කර 927 ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කදු ගැටය අනෙකුත් කදුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා...... මුහුදු මට්ටමින් අඩි 3567 ක් උස කඳු ගැටය මත පිහිටි චෛත්‍යය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත් වී තිබෙනවා....... ගම්පොළ නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍ය දැක ගන්න පුළුවන් ............ කන්ද පාමුල ඉඳන් ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා ....... ඒ වගේම චෛත්‍යය පාමුල දක්වාම වාහනයක එන්නත් පුළුවන් . බොහොමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳ ගැනීම උදෙසා මේ මුළු දුරම පයින් තරණය කරනවා . වට පිටින් හමන සිහිල් සුළඟ නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ ..... නන්දෙසින් පැමිණෙන විවිධ ආගම් අදහන අය වෙනුවෙන් කතෝලික දේවස්ථානයක්, හින්දු කෝවිලක් , මුස්ලිම් පල්ලියක් සහ බෞද්ධ පන්සලක් මෙම කඳු මුදුනේ නිර්මාණය කරමින් සර්වාගමික තැනක් බවට පත් කරලා තියෙනවා . කෘෂි කර්මාන්තය සනිටුහන් කිරීම සඳහා සෑදුනු මෙම සෑය ගොවිජන සෑය නමින් හැඳින්වෙනවා. මාවත අවසානයේ ඇති බුදුපිළිමයත් එතැන සිට ඇති කුටිවල දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිළිම නිර්මාණය වෙලා තියෙනවා ........... කඳු මුදුනේ තැනිතලා බිමක් සකසා එහි තැනුනු විහාර ගෙය තුල තැනුන ශෛලමය බුදු පිලිමය මෙකල ගල් වඩුවාගේ දක්ෂතාවය මැනවින් පෙන්වයි . අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ නැගෙනහිර ශාඛාවෙන් හටගත් බෝධීන් වහන්සේ නමක් ද කදු මුදුනේ වැඩම කර සිටි.............අපූර්ව ත්‍රාසජනක ගමනක් අත්විඳින්නට නම් ඔබ අනිවාර්ය ලෙසම සෑය මුදුනට යා යුතුය. සෑයේ සුවිශේෂත්වය වන්නේ එහි මුදුනට යා හැකි පරිදි සැකසුන පඩිපෙළයි........ එය කොටසක් චෛත්‍ය තුලින්ද , ඉතිරිය පිටතින්ද යා යුතුය. උපරිම වින්දනය ලැබීමට නම් චෛත්‍යයේ පිටතින් සම්පූර්ණම ගමන ම යා යුතු වේ . කෙමෙන් සිහින් වල පඩි පෙළ අවසන් වන්නේ චෛත්‍යය බිත්තිය හා අත්වැට අතර හිඩස වසා දැමීමෙනි..... මෙහි සිට කිසිදු කන්දකින් බාධාවක් නැතිව අංශක 360 ම දැකගත හැකිය .. අහස පැහැදිලි දිනයක දී නම් පියවි ඇසින් මහ සයුර පවා දර්ෂණය වෙයි. ඈතින් පූජනීය සමනළ කන්ද,නමුණුකුල, නකල්ස් කදුවැටි, හන්තාන,බතලේගල,පිදුරුතලාගල ,අලගල්ල,මොණරාගල ,රාක්ෂාව, සප්ත කන්‍යා, හුන්නස්ගිරිය,බහිරව කන්ද,උතුවන් කන්ද, බලපොකුන,කළුගල, මුල්ඔය, අහුපිනිඇල්ල,ලෙවලන්, ඩෙල්ටා,පීකොක් හිල්,ප්‍රෝටෝප් වැනි කඳු මෙන්ම මෙහි සඳහන් නොකළ කදු පද්ධති රැසක් ද මනාව නිරීක්ෂණය කිරීමේ හැකියාව මෙහිදී ලැබේ ......... ආවේණික සත්ත්ව විශේෂ මෙන්ම බොහෝම පොහොසත් ජෛව විවිධත්වයක් මෙහි පවතී ..... 1997 වසරේ සංවර්ධන කටයුතු ආරම්භ කළ මෙම ඓතිහාසික කන්ද 2002 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලොව හොදම සංවර්ධනය කරන ලද කන්ද ලෙස තෝරාගත් අතර 2007 වසරේ සැප්තැම්බර් 18 වනදා මහජනතාවට විවෘත කෙරුණි .......... ගම්පොල නගරයත්,නුවර නගරයත් ඒ මැදින් ගලා යන මහවැලි ගඟත් අපූරු දර්ශනයක් මවයි..................