_ ලූනු කපද්දී ඇස්වලට කදුළු එන්නේ ඇයි?_
🧅😢🧅💦🌿🍂🌱
ලූනු කියන්නේ අප එදිනෙදා ආහාරයට ගන්නා බොහෝමයක් ආහාර පිසීමේ දී වරදින්නේම නැති ද්‍රව්‍යයක්.🥗🍲🤤🍛 එනමුත් ආහාරයකට යෙදීමට පෙර ලූනු කපන අවස්ථාවල දී නිතැතින්ම ඔබගේ ඇස්වලට කඳුළු නැඟී ඇති අවස්ථා ඕනෑ තරම් තිබෙන්නට පුළුවන්.🥺 ඇත්ත වශයෙන් ම ලූනු කපද්දී ඔබගේ ඇස් වලට කඳුළු නැගෙන්නේ කුමන හේතුවක් නිසාද ?
✨කෙටියෙන් ම කිව හොත් මෙවැන්නක් සිදුවන්නේ ලූනු වලින් ඔබගේ ඇස්වලට බලපෑමක් ඇති කරන රසායනික සංයෝගයක් නිකුත් කරන නිසයි.
ලුනු වල වැඩිම ප්‍රතිශතයකින් පවතින්නේ ජලයයි. 💦එමෙන් ම ඒ තුළ ඇතැම් විටමින් හා සීනි සහිත සංයෝග ද පවතිනවා. ඊට අමතර ව තරමක් වෙනස් සුවඳකින් යුක්ත සුදු ලූනු වැනි ද්‍රව්‍ය වල අඩංගු වන රසායනික ද්‍රව්‍යයක් වන සල්ෆර් අඩංගු සංයෝග ද ලූනුවල පවතිනවා. ඇත්තෙන් ම මෙය ශාකවලින් ගන්නා ආරක්ෂක පියවරක් කිව හොත් නිවැරදියි. 🌱🌳ඇතැම් ශාක තුළ මෙවැනි කටුක ගන්ධයක් නිකුත් කරන සල්ෆර් අඩංගු සංයෝග පවතින්නේ ඒවා ආහාරයට ගැනීමට පැමිණෙන ජීවීන් පළවා හැරීමටයි.🐛🐝🐞🦗🕷️
කෙසේ වෙතත් ඔබ ලූනු කොටස්වලට කපන විට ඒ තුළ අඩංගු සල්ෆර් සංයෝග අතරින් එකක් වන ප්‍රොපිල් සල්ෆොක්සයිඩ් (propyl sulfoxide) වාතයට නිකුත් වෙනවා. වාතයේ ඇති ජල වාෂ්ප හෝ ඔබගේ ඇස් වටා ඇති ස්වාභාවික තෙතමනය සමග ප්‍රතික්‍රියා කර සල්ෆියුරික් අම්ලය බවට පත් වීමට මේ සංයෝගයට හැකියාව පවතිනවා.💦 මෙසේ සෑදෙන සල්ෆියුරික් අම්ලය ප්‍රබල ගන්ධයක් ඇති කිරීමට වගේ ම ඔබගේ ඇස්වල දැවිල්ලක් ඇති කිරීමටත් සමත්.😳 ලූනු කපන අවස්ථාවල දී ඇති වන මේ අපහසුතාව වළක්වා ගැනීමට ඔබගේ ඇස් වලින් නිරායාසයෙන්ම කඳුළු නිකුත් වෙනවා.😢
💫🧅අවශ්‍ය නම් ලූනු කැපීමේ දී ඇස්වලට කඳුළු පැමිණීම වළක්වා ගැනීමටත් උපක්‍රම කිහිපයක් පවතිනවා.😺
👉මීළඟ වතාවේ දී ඔබ ලූනු කපන්නට සූදානම් වෙනවා නම් පළමුවෙන්ම එහි අග පවතින කුඩා මුල් වැනි ව්‍යුහ සහිත කොටස කපා ඉවත් කරන්න.🔪 සල්ෆර් අඩංගු සංයෝග බහුල වශයෙන් පවතින්නේ ලූනුවල ඇති මේ කුඩා මුල් වැනි ව්‍යුහ තුළ වන නිසා ඒ කොටස කපා ඉවත් කළ විට ඒ සමඟ වැඩි සල්ෆර් අඩංගු සංයෝග ප්‍රමාණයක් ඉවත් ව යනවා. ලූනු කැපීමට පෙර එහි පොතු ඉවත් කර හොඳින් පිරිසිදු කරගන්නවා නම් එමඟින් ද සල්ෆර් අඩංගු සංයෝග යම් ප්‍රමාණයකට ඉවත් කරගත හැකියි. සමහර සූපවේදීන්, කැපීමට පෙර මිනිත්තු 30 ක පමණ කාලයක් ශීතකරණය තුළ තබා ලූනු සිසිල් කිරීමට පෙලඹෙනවා. ලූනු සිසිල් කිරීමේ දී ඒ තුළ අඩංගු වී ඇති සල්ෆර් සහිත සංයෝග ද සිසිල් වී යන නිසා ලූනු කැපීමේදී ඒ සංයෝග පහසුවෙන් වාතයට එක්වන්නේ නැහැ.
කෙසේ නමුත් ලුනු කියන්නේ සෝස් වර්ගවල සිට එදිනෙදා ආහාර වේල්හි ප්‍රධාන වෑංජන පිළියෙල කිරීම දක්වා ම නො වරදින අමුද්‍රව්‍යයක්.🥗🍲 නිතර ආහාර වලට ලූනු යෙදීමට සිදු වන නිසා බොහෝමයක් අවස්ථාවල දී ඔබට කඳුළු සලන්නට සිදු වී ඇති. එවැනි අවස්ථාවල දී ඉහත සඳහන් කළ පියවර අනුගමනය කර බලන්න. ඔබට ඇතිවන අපහසුතාවයෙන් මිදීමට
හැකියාව ලැබේවි.😺
~ The Conversation - Curious Kids ඇසුරෙනි.