රස ගුණ පිරි කළු ඉරිගු 🌽
🌽 කළු පාට ඉරිඟු මීට කලින් දැකලා තියෙනවද ?
🌽 කළු ඉරිඟු කියන්නේ ජෙට් කළු කර්නල් ඇති තරමක් දම් පැහැයක් ගන්නා ඉරිඟු විශේෂයක්. ගිම්හානයේදි ලබා ගත හැකි මේ ඉරිගු වල ලෙලි ඉවත් කිරීමේදී ඇඟිලි පවා දම් පැහැයට හැරීම විශේෂත්වයකි .ඒ වගේම මේ කළු ඉරිඟු වලට පේරු වල අය මයිස් මොරාඩෝ ලෙසත් එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ අය කළු ඇස්ටෙක් හෝ කළු මෙක්සිකානු ඉරිගු ලෙස හඳුන්වනු ලබනවා.මේවා කැපී පෙනෙන වර්ණය නිසා ජනප්‍රිය විසිතුරු ආහාරයක් විදියට තමයි ලෝකය පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නෙ.ඒ වගේම කළු ඉරිඟු තම්බා සාදාගන්නා චිච මොරඩා කියන ගිම්හාන පානය පේරුවල ඉතා ජනප්‍රිය පානයක් වෙනවා .මැසෙටෝ නම් පැසුණු මධ්‍යසාර පානයක් සෑදීමට වගේම පියුබ්ලෝ ඉන්දියානුවන් ඔවුන්ගේ චාරිත්‍රානුකූල ඇඳුම් සඳහාත් මේ කළු ඉරිඟු භාවිතා කරනවා .ඒ වගේම කළු ඉරිඟු 1860 ගණන් වලදී උතුරු ඇමරිකානු බීජ නාමාවලියට ඇතුළු වූ අතර අදටත් එය දකුණු ඇමරිකාවෙන් පිටත සාපේක්ෂව දුර්ලභ ප්‍රභේදයක් හැටියට තමයි සැලකෙන්නේ.
🌽 ඔන්න ඔයාලටත් පේරු වලට ගියොත් රසයි ගුණයි පිරුනු මේ කළු ඉරිඟු ආහාරය ගන්න පුළුවන් .