නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන

 

නාසා ලෙස කෙටියෙන් හැඳින්වෙන ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය යනු එක්සත් ජනපද ආණ්ඩුවෙහි ජාතික පොදු අභ්‍යාවකාශ වැඩසටහන් සඳහා වගකිව යුතු ඒජන්සියයි. ජාතික ගගන යාත්‍රා හා අභ්‍යාවකාශ පනත මඟින් 1958 ජූලි 29 වනදා නාසා ආරම්භ කරන ලදී.

අභ්‍යාවකාශ වැඩසටහන්වලට අමතරව එය දීර්ඝ කාලීන සාමාජීය හා යුධමය අභ්‍යාවකාශ පර්යේෂණ සඳහා ද වගකීම් දරයි. 2006 පෙබරවාරි මස සිට නාසාහි තමන් හඳුන්වා ගන්නා මෙහෙයුම් වාක්‍ය වන්නේ අභ්‍යාවකාශ ගවේෂණය, විද්‍යාත්මක සොයා ගැනීම්වලින් හා ගගන යාත්‍රා පිළිබඳ පර්යේෂණවලින් අනාගත පුරෝගාමීන් වීම යන්නයි.

නාසාහි ආදර්ශ පාඨය වන්නේ “සියල්ලෙහිම යහපත උදෙසා” යන්නයි. නාසාහි අධ්‍යාපනය පිළිබඳ කාර්යාලයේ ආදර්ශ පාඨය වන්නේ Shaping the Future: Launching new endeavors to inspire the next generation of explorers.

National Aeronautics and Space Administration යනු නාසා යන්නෙහි දීර්ඝ නාමයයි. මෙයින් NASA යන නාමය සැකසී ඇත්තේ National යන කොටසින් “N” අකුරද, Aeronautics යන කොටසින් “A” අකුරද, Space යන කොටසින් “S” අකුරද, Administration යන කොටසින් “A” යන අකුරද එකතු වීමෙනි.
 නාසා ආයතනය අයත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයට වේ. 🇺🇸

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form