🌻🙏🙏🌿☸️ මිහිදන්ව තිබී ගොඩගත් ලොව විශාලම ශෛල ප්‍රතිමාව
☸️ දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව ☸️
🙄 මාලිගාවිල කිව්ව සැනින් මතකෙට එන බෝසත් පිලිරුව ගැන මීට කලින් අහල තිබුනද?
🙏🌻අපේ පැරැණි ප්‍රතිමා ශිල්පියාගේ දස්කම් කියාපාන බුද්ධ ප්‍රතිමා වගේම බෝධිසත්ව ප්‍රතිමා රාශියක් මේ පින්බර සිරිලක පුරා විසිරී තිබෙන අතර එවන් වූ තවත් අපූර්වතම ප්‍රතිමාවක් විදිහට දඹේගොඩ බෝධිසත්ව ප්‍රතිමාව හඳුන්වන්න පුලුවන්.
☸️🌻දැනට පවතින ගලින් නෙළන ලද ලෝකයේ විශාලතම බෝධිසත්ව ප්‍රතිමාව මෙය වන නමුත් වංශකතාවල හැටියට මේ ප්රතිමාවටත් වඩා විශාල වූ බෝධිසත්ව ප්‍රතිමාවක් එම ප්‍රදේශයේම පොළොව යට තවමත් මිහිදන්ව පවතිනවා කියල තමයි සදහන් වෙන්නෙ.
🙏☸️මේ අපූරු අවලෝකිතේශ්වර බෝසත් පිළිමය පිහිටලා තියෙන්නෙ පුරාණ රුහුණු රාජ්‍යයට අයත් මොණරාගල දිස්ත්‍රික්කයේ ඔක්කම්පිටියට නුදුරු දඹේගොඩ කියන ප්‍රදේශයේ.
🌿🙏පොළොවෙන් තරමක් උස් බිම් කඩක නිර්මාණය කරල තියෙන මේ ප්‍රතිමාව හමුවන විට එය බිම ඇද වැටී කැබැලි 50කට අධික ප්‍රමාණයකට වෙන්වී තිබුණු බව තමයි සඳහන් වෙන්නෙ.
☸️🌿නමුත් 1990 වසරේ දී නැවත ප්‍රතිෂ්ඨාපනය කරන ලද මේ ප්‍රතිමාව උසින් අඩි 32 ක් පමණ වන අතර බෝධිසත්වයන්ගේ හිසෙහි ඒ කියන්නෙ මකුටයෙහි ඇති සමාධි ප්‍රතිමාව නිසා තමයි මෙය අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් ලෙස නම් කරල තියෙන්නෙ.
🙏🙏පලමුවන දප්පුල රජ දවස ඉදිකරන ලද්දක් යැයි කියවෙන මේ ප්‍රතිමාව නැවත එකලස් කොට ප්‍රතිසංස්කරණය කරල තියෙන්නෙ ගරු රණසිංහ ප්‍රේමදාස ජනපතිතුමා විසින්.
☸️🙏 ඒවගේම මේ බෝසත් ප්රතිමාවෙහි නෙත් හිරුට සහ සඳුට උපමා කර ඇති අතර මෙහි වමතින් අඬගසා දකුනතින් ආශිර්වාද කරන සෙයක් පිලිඹිබු වන බවයි කියවෙන්නෙ.
🌻🌿ඒවගේම මේ අපූරු පිලිමය සහිත පිලිම ගේ උස් මට්ටම් 5 කින් යුක්ත උස් භූමියක ඉදි කර ඇති අතර පොලෝ මට්ටමේ සිට පලමු මට්ටම වෙත අවතීර්ණ වෙන්න පිය ගැට පෙල 11 සහිත පියගැට පේලියක් නැගිය යුතු වෙනවා.
🌿🙏ඒවගේම මේ පඩි පෙල්වල පලමු වන මට්ටමේ පඩිපෙල් පලලින් වැඩි අතර ඒ හා සමානව අනුක්රමයෙන් ඉහලට යන විට පඩි පෙල පලලින් කුඩා වන ආකාරයට තමයි නිර්මාණය කරල තියෙන්නෙ.
😁😁ඔන්න ඉතින් ලෝකෙ හතර දිබ්බාගෙම ඇවිදින ඔයාලට වන ගහනයෙන් වැසුනු මේ අපූරු සුන්දරත්වය බලන්න එන්න කියලත් ආරාධනා කරනවා...
. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .