ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන් ලාංකීකයන් දෙදෙනෙකුට සුවිශේෂි ජයග්‍රහණ දෙකක්!

 



ලොව අංක එකේ වනජීවී ඡායාරෑප තරගයෙන්

ලාංකීකයන් දෙදෙනෙකුට සුවිශේෂි ජයග්‍රහණ දෙකක්!


ලෝක ඡායාරෑප ශිල්පින්ගේ සිහිනයක් බඳූ වූ 

bbc wildlife photographer of the year 2021 තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක්වීමට ශ්‍රී ලාංකීක ඡායාරෑප ශීල්පිණීයකට හා මෙරට ළාබල  ඡායාරෑප ශිල්පියෙකුට මෙවර හැකියාව ලැබි ඇත.

ඒ බුද්ධිනී ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනාට ය.මෙම දෙදෙනාගේ ඡායාරෑප හැරෙන්ට මෙම තරගය සඳහා මීට පෙර මෙවැනි ජයග්‍රහණයකට උරැමකම් කියු(2002) එකම ශ්‍රී ලාංකීයා වුයේ රැක්ෂන් ජයවර්ධන මහතා ය.ඒ මහතාගෙන් පසුව මේ සඳහා මේ ආකාර සුදුසුකමක් ලද දෙවැනි හා තෙවැනි ශ්‍රී ලාංකීකයන්වන්නේ බුද්ධිනී හා ගඟන ය.

බුද්ධිනී ඩී සොයිසා මහත්මියගේ 'A Great Swim' නමින් පළ කරන ලද ඡායාරෑපය හා ගඟන වික්‍රමසිංහගේ 'Lockdown chicks' නමින් පළ කරන ලඳ ඡායාරෑපය මෙවර අංශ දෙකක් යටතේ ජුරියේ විශේෂ පැසසුමට ලක්ව ඇත.

මෙය රටක් හැටියට අප ලැබු සුවිශේෂීම ජයග්‍රහණයකි.ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරෑප 55000ක් අතරින් මෙම ඡායාරෑප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ ඇත.

මෙහි තවත් විශේෂත්වය වන්නේ ගඟන වයස අවුරැදු 11ක කුඩා දරැවෙකු වීම ය.

ගඟන ලංකාවේ ප්‍රවීන උරග විද්‍යාඥණයෙකු

වන මෙන්ඩිස් වික්‍රමසිංහ මහතාගේ කනිටු පුත්‍රයා ය.


නයනක රන්වැල්ල

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form