ගොඩබිම ගමන් කළ හැකි ලොව විශාලතම වාහනය ..................


 ගොඩබිම ගමන් කළ හැකි ලොව විශාලතම වාහනය ..................


🚌 ගිනස් වාර්තා පොතට අනුව ගොඩබිම ගමන් කළ හැකි ලොව විශාලතම වාහනය ( Largest Land Vehical ) ලෙස සැලකෙන්නේ  ජර්මනියේ නිෂ්පාදිත Bagger 293 නමින් හැඳින්වෙන BWE ( bucket - wheel excavator ) වර්ගයේ යන්ත්‍රයයි . ජර්මනියේ TAKRAF යන්ත්‍රෝපකරණ සමාගමේ නිෂ්පාදිත වන මෙහි උස මීටර් 95 ක් වන අතර දිග මීටර් 225 ක් වේ.බර ටොන් 14,200 ක් වන මෙම දැවැන්තයා පණ ගැන්වීම සඳහා මෙගා වොට් 16.56 ක විදුලි බලයක් සහ පුද්ගලයින් පස් දෙනෙකුගේ සහය අවශ්‍ය වේ. බටහිර ජර්මනියේ Hambach ගල් අඟුරු පතලේ ස්ථානගත කර ඇති Bagger 293 යන්ත්‍රයේ  ප්‍රධාන රාජකාරිය වනුයේ ජර්මනියේ  දෙවනියට විශාල බලශක්ති සමාගම ලෙස සැලකෙන RWE power AG සමාගමේ තාප විදුලි බලාගාර  පණ ගැන්වීමට අවශ්‍ය  ගල් අඟුරු සැපයීමයි..... මෙම යන්ත්‍රයේ දිනක පිරිපහදු ධාරිතාව ලෙස සැලකෙන්නේ ගල් අඟුරු ටොන් 218,880 කි.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form