දෙයක් කියන්නද ? සරලවම... මිනිස්සුන්ට ඉන්න දීපන්.. "ඒ කීවේ ?"


 දෙයක් කියන්නද ?

සරලවම...

මිනිස්සුන්ට ඉන්න දීපන්..

 "ඒ කීවේ ?"

ඒ කිවේ..


උබ ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න..

උබ ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න..

උබ ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න..

උබ ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න..

උබ ආස public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ privateව ජීවත් වෙන්න..

උබ ආස බල්ලොන්ට උනාට , සමහරු ආස පූසොන්ට..

සරලවම..

උබ ආස එකකට.. මිනිස්සු ආස වෙනමම දෙයකට..

උබවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා..

මිනිස්සුන්ට ආදරේ කරන්න.. මිනිස්සුන්ව විනිශ්චය නොකර..

මිනිස්සුන්ට ඉන්න දීපන්..

උබ උබම වෙයන්..

සරලයි..


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form