‌නිතර දැවෙන ගිනි වළල්ල

 ‌නිතර දැවෙන ගිනි වළල්ල

                      


ගිනි වළල්ල, නැතහොත් පැසිෆික් ගිනි වළල්ල, ලෙස හඳුන්වන්නේ පැසිෆික් ද්‍රෝණියේ පිහිටි, භූ චලන සහ ගිනි කඳු පිපිරීම් රාශියක නිජබිම ලෙස දැක්විය හැකි දූපත්, කඳුවැටි, සහ වෙරළ තීරයන් වැනි මායිම්වලින් සමන්විත අශ්ව ලාඩම් හැඩැති ප්‍රදේශය යි. මෙහි වළල්ලක හැඩය සම්පූර්ණ කිරීමට මුහුදේ ඇති ආගාධ සහ භූ තැටි මායිම් දායක වන බව දැකිය හැකියි. 


පැසිෆික් ගිනි වළල්ල නිර්මාණය වී ඇත්තේ ටොංගා සහ  වනවටු වැනි දූපත්, ඉන්දුනීසියානු දූපත් සමූහය, ජපානය, කුරිල් දූපත් සමූහය, ඇලූශියානු දූපත් සමූහය, උතුරු ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය, සහ අන්දීස් කඳු පංතිය යි. මෙම වළලු හැඩැති භූමි ප්‍රදේශය පුරාම පැතිර ඇති ගිනි කඳු හේතුවෙන් මෙයට ‘ගිනි වළල්ල’ යන අන්වර්ථ නාමය භාවිතා වනවා

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form