රෂ්මෝර් කන්දේ පිළිම ..................⛰️
✴️ මෙය ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ඩකෝටාවේ කීස්ටෝන් ප්‍රදේශයට ආසන්නයේ පිහිටා ඇති විශාල ගල් පර්වතයක් මත නෙලන ලද ප්‍රතිමා 4 කි. එකක උස අඩි 60 පමණ වේ. මෙහි නිරූපණය වන්නේ ඇමරිකාවේ කීර්තිමත් ජනාධිපතිවරුන් 4 ක් වන George washington ( 1732 - 1799), Thomas jefferson ( 1743 - 1826) , Theodore Roosevelt ( 1858 - 1919) සහ Abraham Lincoln (1809 - 1865 ) අයයි..... මෙහි නිර්මාපකයන් වන්නේ Gutzon Borglum සහ ඔහුගේ පුත් Lincoln Borglum ය.......... පිළිම සෑදීමේ මූලිකම අදහස ලබාදී තිබෙන්නේ Doane Robinson නම් ඉතිහාසඥයා විසිනි ...... එනම් අමෙරිකා ඉතිහාසයේ 150 වන සැමරුම යනුවෙනි...... මෙය 1927 ඇරඹි අතර අවසන් කිරීමට වර්ෂ 14 ක් (1941) පමණ ගත විය...... කන්දේ මුහුණු මතු කර ඇත්තේ George washington , Thomas jefferson , Abraham Lincoln සහ Theodore Roosevelt යන අනුපිළිවෙලටය.......... කෙසේ නමුදු අවසාන පිළිමය නෙළීම අවසාන වීමට ප්‍රථමයෙන් එහි නියමුවා වූ Gutzon හදිසියේ මිය ගිය නිසාවෙන් ඉතිරි කටයුතු නිම කෙරුණේ ඔහුගේ පුත් Lincoln විසිනි..... ඔහු මේ කටයුත්ත නිම කිරීමට තවත් 400 කගේ පමන සහාය හිමි වී තිබුණි........ Lincoln ජනාධිපතිතුමාගේ හිසට පිටුපසට වන්නට ගල් ගුහාවක් ද මෙහි මෙහි ඉදිකර තිබෙනවා...... Hall of Records ලෙස හඳුන්වන මෙය අඩි 20 ක් උස වන අතර අඩි 12 ක් පළල වනවා.... මෙය තුළ ඇමරිකාවට වැදගත් වන ලේඛන 16 ක් තැන්පත්කර තිබෙනවා..... ඒවා අතර ඇමරිකාවේ ව්‍යවස්ථාව, නිදහස් ප්‍රකාශය, එරට ඉතිහාසය , මෙම පිළිම නෙලීමට හේතු සහ ඒවා ඉදි කළ ආකාරය මෙන්ම එම ජනාධිපතිවරු පිළිබඳ තොරතුරුද ඇතුලත් වනවා...... ඒ වගේම රාත්‍රියේදීත් මෙය දර්ශනීයව දැකබලා ගන්න පුළුවන් විදියට ආලෝකමත් කරලා තියෙනවා. ඒ කාලේ මේ මූර්ති හදන්න ඇමරිකානු ඩොලර් මිලියනයක් පමණ වැය වූ බව ද අවධාරණයෙන් කියන්න පුලුවන් ...... මේ ප්‍රතිමා අතරට තව ප්‍රතිමා කිහිපයක් ද එකතු කරන්න යෝජනා වෙලා තිබුණි . ඒවා නම් ජනාධිපතිවරුන් වූ John.F.Kenady, සහ Ronald Reagan ගේත් සුප්‍රසිද්ධ ගායකයෙකු වූ Elvis Presley ගේ ප්‍රතිමා වෙයි ....... නමුත් එම යෝජනාව ප්‍රතික්ෂේප වී තිබෙනවා ........මෙම රෂ්මෝර් කන්දේ ප්‍රතිමා බලා කියා ගන්නේ ඇමරිකාවේ ජාතික උද්‍යාන සේවය විසිනි .....