සර්පයන්ට පේන විදිය.

 



සර්පයන්ට පේන විදිය. 

පළවෙනි චායාරූපයේ තියෙන්නේ මිනිසා වුන අපිට සත්වයෙක්ව අඩු ආලෝකයේදී පෙනෙන විදිය.දෙවනි චායාරූපයේ තියෙන්නේ සර්පයෙක්ට පෙනෙන විදිය.

සර්පයන්ට ඇස් තිබුනත් ඔවුන්ගේ ආලෝක දෘෂ්ටිය එතරම් තියුණු නැහැ.නමුත් වර්ණ කීපයක් දැකීමේ හැකියාවක් ඔවුන් සතුවෙනවා.එහෙම වුනත් සාමාන්‍යය ආලෝක දෘෂ්ටිය අභිබවායන තරමේ දෘෂ්ටික හැකියාවකින් සර්පයන් සන්නද්ධයි.ඒ තමයි තාප දෘෂ්ටිය.හමුදා මෙහෙයුම් වලදී හෝ අභ්‍යාවකාශ ගවේශනවලදී අඳුරේදී චායාරූප ගැනීමට භාවිතා කරන්නේද සර්පයන් සතු මේ උපක්‍රමික අනුවර්තනයට සමාන ක්‍රමවේදයක්.

සර්පයන්ගේ නාසය අසල ඇති කුඩා සිදුරු දෙක ව්‍යූහාත්මකව අක්ෂි ගෝල දෙකක් මෙන් ක්‍රියා කරයි.නමුත් සාමාන්‍යය ඇස්වල ඇති ආලෝක සංවේදී සංවේදක වෙනුවට ඒවායේ ඇත්තේ අධෝරක්ත කිරණ සංවේදී සංවේදක සෛලයි.මේ අධෝරක්ත කිරණ මගින් ඇතිකරන උත්තේජන ස්නායුක පණිවිඩ මෙන් සර්පයාගේ මොළයට යැවෙන අතර ඒ මගින් පහත රූප දෙකෙන් දකුණුපස රූපයේ පරිද්දෙන් චායාවක් නිර්මාණය කෙරෙයි.මේ නිසා රාත්‍රියේදී අඳුරු පරිසරයක දඩයම් කිරීමේ හැකියාව සර්පයාට ලැබී ඇත.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form