රණවන රජමහා විහාරය


 

රණවන රජමහා විහාරය


🏵️කොලඹ සිට නුවර දක්වා යන ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව නගරය  පසුකර කිලෝමීටර් තුනකින් පමණ හමුවන දුම්රිය මාර්ගය  ප්‍රධාන මාර්ගය හරහා ගමන් කරන  ස්ථානය පසු කරනවාත් සමගම වම් පැත්තට ඇති මාර්ගය ඔස්සේ කිලෝ මීටරයක් පමණ ගමන් කිරීමෙන් රණවන රජමහා විහාරය  හමුවේ ......... මෙම විහාරස්ථානයේ බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ස්වාභාවික පරිසරය තුළම අඹා ඇති රූප මගින් ඉතා ආකර්ෂණීය ලෙස විදහා දක්වා ඇත...... රණවන පුරාණ විහාරයේ විශාල කළු ගල් පර්වත වලින් හෙඹි වනගත පරිසරයක පිහිටන අතර ස්වාභාවික  පරිසරය රැකගනිමින්  මෙහි ඉදිකිරීම් සිදුකර තිබේ...... මෙහි ඇතුළු වන ස්ථානයේ ඉතා අලංකාර තොරණක් නිර්මාණය කර තිබේ ........ මෙය ඉන්දියාවේ බෝපාල් නගරයේ නිර්මාණය කර ඇති සංචි උතුරු දොරටුවේ අනුරුවකි........මෙම විහාරස්ථානය මුදුනේ සුවිසල් සක්මන් ඉරියව්වෙහි වැඩ සිටින බුදු පිළිම වහන්සේ නමක් වැඩ හිදී..... මෙය පළමු වර දුටුවිට ඔබ පුදුමයට පත් කරවන තරමේ විශාල බුදු පිළිමයකි..........රණවන පුරාණ විහාරය ලංකාවේ ඇති විහාරස්ථාන අතරින් ඉතා අලංකාර ම විහාරස්ථානයක් වන අතර ඔබ විසින් වන්දනාමාන මාන කරගත යුතු පූජනීය  ස්ථානයකි......... ආසියාවේ විශාලතම සක්මන් බුදු පිළිමය ලෙස  මෙම රණවන  විහාරයේ ඇති සක්මන් බුදු පිලිමය හඳුන්වයි....... රණවන  විහාරයේ ඉතිහාසය ගම්පොළ යුගයේ සිව්වන වන  බුවනෙකබාහු රජ සමය දක්වා දිව යන බව විශ්වාස කරයි.... 1982 වර්ෂයේ විහාරයේ   දාගැබෙහි සිදුකරන ලද  ප්‍රතිසංස්කරණ කටයුතු වලදී ලෝහමය කරඬුවක් සොයා ගෙන තිබේ....... 


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form