🌵🌿🍄🌐🌀🙀 ලොව විශාලම සහ පැරණිම ජීවියා

 

🌵🌿🍄🌐🌀🙀 ලොව විශාලම සහ පැරණිම ජීවියා 

🙄🙄 මේ තරම් ලොකු හතු විශේෂයක් මීට කලින් දැකල තිබුනද? 

🍄🌵තල්මසෙකුට සහ අලියෙකුට වඩා විශාලයි කියන මේ හතු විශේශය මී පැණි හතු ලෙස පොදුවේ හැඳින්වෙනවා. 

🌿🍄ආමිලේරියා ඔස්ටෝයා කියන විද්‍යාත්මක නමින් නම් කරන මේ විශේශය පෘථිවියේ ඇති විශාලතම සහ පැරණිම ජීවියා ලෙස සැලකෙනවා. 

🌿🌵ඒවගේම මේ අපූරු බිම්මලෙන් ඔරිගන්හි මැල්හෙූර් ජාතික වනෝද්‍යානයෙන් වර්ග මීටර් 3,726563 ආවරණය වන අතර එය වසර 8,650 ක් පමණ පැරණි බවත් කියවෙනවා. 

🌐🍄ඒවගේම මේ දැවැන්ත මීපැණි හතු වල රයිසොමෝර්ෆ්ස් නමින් හැඳින්වෙන ඝන කළු පැහැයක් ඇති අතර එමඟින් දැව ආහාරයට ගැනීම සඳහා පස හරහා සැතපුම් ගණනක් දුරට විහිදිය හැකි වීම විශේශත්වයක්. 

🌵🍄ඒවගේම අවට ගස් වලින් ජලය සහ කාබෝහයිඩ්‍රේට් ඇද ගන්නා නිසා වනාන්තරයේ ගස් මැරී යාමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා. 

🍄🌿මේ අපූරු මී පැණි හතු මිචිගන් සහ ජර්මනිය වැනි වෙනත් ස්ථාන වල පවතින අතර කෙසේ වෙතත්, ඔරිගන්ගේ හතු  මෙතෙක් මනිනු ලැබූ විශාලතම හතු ලෙස නම් කරනවා. 

😁😁 මොකද කියන්නෙ අපිත් යමුද මේ බිම්මලක් යට වාඩිවෙලා ඉන්න..

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form