අදටත් හිස කෙස් .නියපොතු වැවෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරන දේහය 💗🙏🇱🇰

 අදටත් හිස කෙස් .නියපොතු  වැවෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ නොදිරන දේහය 💗🙏🇱🇰


ගෝවේ ඇති දේහය රාහුල හිමිගේමයි

සතුරු සිංහල සේවියර් සෙන්පතිහු යුදපත් වතාවේ


තොටගමුවේ ශ්‍රී රාහුල හිමි මෙතෙක්‌ පහළ වූ අති විශිෂ්ට ගනයේ පඬිරුවනක්‌ යෑයි කිවහොත් එය අතිශයෝක්‌තියක්‌ නොවේ. උන්වහන්සේ ත්‍රිපිටකයෙහි කෙල පැමිණි බැවින් "ත්‍රිපිටක වාගීශ්වර" යෑයිද සියලුම කලාවන්හි අගතැන්පත් වූ නිසා සකල කලා සව_ඥ යෑයිද භාෂා සයක්‌ මැනවින් දත් බැවින් "ෂඩ් භාෂා පරමේෂ්වර" යන ගෞරව නාමවලින් පිදුම් ලද්දොa වූහ.


රාහුල හිමි කුඩා කල හදා වඩා ගනු ලැබුවේ සයවන පරාක්‍රමබාහු රජ විසිනි. පැවිදි වූ පසු රහල් හිමියෝ රජුගේ රාජාභිෂේකයෙන් 15 වන වසරේ පරෙවි සංදේශය ද, 34 වන වසරේ කාව්‍යශේඛරය ද, 35 වන වසරේ සැලළිහිණිය ද, 45 වන වසරේ පඤ්චිකා ප්‍රදීපය ද, රජුගේ අභාවයෙන් පසු බුද්ධිපසාදිනිය ද රචනා කරන ලදී. පඤ්චිකා ප්‍රදීපය, පාලි ව්‍යාකරණ පිළිබඳ ග්‍රන්ථයක්‌ වන අතර එයින් රාහුල හිමිගේ මහත් වූ පරිණත සහ උදාර වූ බුද්ධිය පිළිබිඹු කරයි. එහි සඳහන් පෘථුල සාහිත්‍යය, සංස්‌කෘත සහ පාලි උපුටන සමුදාය සත්‍ය වශයෙන්ම විශ්මයජනකය. එහි අන්තර්ගතව ඇති අසූ දෙනකුට අධික දාර්ශනිකයන්ගේ උපුටා ගැනීම් සම්ප්‍රදායෙන්ම උසස්‌තම විශිෂ්ට කෘතීන් කොපමණ රාශියක්‌ ඔහු විසින් හදාරා ඇත්දැයි සනාථ වෙයි.


රාහුල මාහිමි "වෙද හාමුදුරුවෝ" යනුවෙන්ද හඳුන්වා තිබිණ, පුරාවෘතයකට අනුව මාහිමි සතුව විවිධ රෝගාබාධ සඳහා වූ බලගතු තෙල් වර්ග තිබිණ. උන්වහන්සේගේ ඖෂධ පිළිබඳ ඥනය විශ්මයජනකය. සංස්‌කෘත භාෂාව පිළිබඳව තිබූ හසල දැනුම හේතුවෙන් භාරතීය වෛදික වෛද්‍ය ග්‍රන්ථ රාශියක්‌ කියවා ලබාගත් ඥනය මෙරට අත්දැකීම් සමග මුසුවීමෙන් උන්වහන්සේ මෙරට පහළ වූ උසස්‌ම පන්තියේ වෛද්‍යවරයකු වූවාට නිසැකය. රහල් හිමි යම් යම් වතාවත් කරන ලද බවත්, ඉන්පසු විශ්මයජනක ලෙස රෝගීන් සුවපත්ව ඇවිද ගිය බවත් පවතින විශ්වාසයයි. එසේම උන්වන්සේ අපවත් වන්නට මොහොතකට පෙර "සිදු අලු රසය" නම් ශක්‌ති සම්පන්න ඖෂධයක්‌ පානය කළ බවද, ඒ හේතුවෙන්ම මෘත දේහය නරක්‌ නොවී දින දශ ලක්‍ෂයක්‌ තබා ගැන්මට හැකි විය යන්නද විශ්වාස කරනු ලැබේ.


ක්‍රි. ව. 1505 දී පෘතුගීසිහු ලංකාවට පැමිණි අතර, අනතුරු වර්ෂයන් සිංහල සාහිත්‍යයට පමණක්‌ නොව බුදු දහමට ද අතිශයින් අඳුරු කාල පරිච්ඡේදයක්‌ විය. රටේ දේශපාලන තත්ත්වය අස්‌ථාවර වූ අතර, රජවරු තම තමන්ගේ බලය ලබාගැනීම සඳහා පෘතුගීසීන්ගේ උදව් පැතූහ. පෘතුගීසීන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් අතර ධර්මපාල කුමරු කතෝලික ආගම වැළඳගත් දොන් ජුවන් ධර්මපාල නමින් කෝට්‌ටේ රජ විය. පෘතුගීසීන් විසින් තම පාලන කාලය තුළ ඉතා දුෂ්ට ලෙස බෞද්ධයෝ කතෝලික ආගමට හරවන ලදහ. රජතුමා අකාර්යක්‍ෂම සහ ජාතිය කෙරෙහි කිසිදු ඇල්මක්‌ නොමැති වූ හෙයින් පෘතුගීසිහු සියලුම පන්සල් විනාශ කර කොල්ලකා, දහම්, සාහිත්‍ය වියරණ පොත පත ගිනිබත් කළහ. රහල්හිමිගේ ප්‍රතිභාව ගැන සලකා බලන කල්හි උන්වහන්සේ, දැනට ප්‍රකටව ඇති ග්‍රන්ථ 5 ට අමතරව, දර්ශනය, ව්‍යාකරණ, සිංහල සාහිත්‍ය යනාදිය සම්බන්ධයෙන් තවත් බොහෝ ග්‍රන්ථ රැසක්‌ අනිවාර්යයෙන් ලියා ඇති බව නිසැක නමුත් ඒ සියල්ල ද දුෂ්ට පෘතුගීසීන් අතින් විනාශයට පත් වන්නට ඇති බැව් හැඟෙන විට ඇති වන්නේ මහත් සංවේගයකි.


එසේ නම් මෙසේ ලක්‌දිව ඉතා ප්‍රකට, ජනප්‍රිය පඬිවරයෙකුගේ දේහය, අපවත්වූ පසු ඉන්දියාවේ ගෝවේ නගරයට ගෙන ගියේ කෙසේද? එසේ ගෙන යාම සඳහා උන්වහන්සේ අපවත්වී වදාළේ කොහිද? දේහය පෘතුගීසීන් විසින් රැගෙන යනකල් සිංහලයෝ අත්වැල් බැඳගෙන උන්නාද? රජකෙනකුගේ සෙනෙහසින් හැදුනු වැඩුනු රජුගේ රැකවරණය ලැබූ පඬිරුවනකට මෙවන් අභාග්‍ය සම්පන්න ඉරණමක්‌ අත්විය හැකිද? එසේම මෙවන් මහා අපරාධයක්‌ කිරීමට, එනම් ශ්‍රී රහල් දේහය ගෝවේ නගරයට වැඩි කලබලයක්‌ නොමැතිව ගෙන යාමට, සුදුසු දේශපාලන වාතාවරණයක්‌ රටතුල තිබුණේද? මෙවන් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම දේහය පිළිබඳ නියම තතු දැනගැන්මට ඉහවල්වන බැවින් අප මඳක්‌ ඒ පිළිබඳව ප්‍රථමයෙන් සොයා බලමු.


රාහුල හිමි අවසාන කාලයේ සිටියේ කොහිද?


සැළලිහිණි සංදේශයේ රාහුල හිමි විභීෂණ දෙවියන්ට කන්නලව්වක්‌ කරයි. එනම් සයවන පරාක්‍රමබාහු රජුගේ දියණිය වූ උලකුඩය කුමාරියට (එනම් ලෝකනාථ කුමාරිට) පුතෙක්‌ ලබාදෙන ලෙසයි. මෙම පුත් කුමරුවා එනම් ජයබාහු කුමරු රජුගේ අභාවයෙන් රජ වූවාට පසු සපුමල් කුමරු ඔහු මරා සයවන බුවනෙකබාහු නමින් රජවිය. සපුමල් කුමරු තුන්වරක්‌ම ජයබාහු ඝාතනය කිරීමට තැත්කළ අතර රාහුල හිමි ඒ ඝාතන කුමන්ත්‍රන තුනම වැළැක්‌වූ නමුත් සිව්වන වර උන්වහන්සේට ජයබාහු බේරා ගැනීමට නොහැකිවිය.


තමා හදාවඩා ගත් සයවන පරාක්‍රමබාහුගේ මුණුපුරාවූ ජයබාහුගේ ඝාතනයෙන් පසු මහත්සේ කලකිරීමට සහ ශෝකයට පත් රාහුල හිමි හුදකලා ජීවිතයක්‌ ගත කරනු වස්‌ විජයබා පිරිවෙන හැරදමා ගාලු දිස්‌ත්‍රික්‌කයේ ඇල්පිටියට නුදුරු "අම්බත" නම් ගුහාවක තම අවසාන කාලය ගෙවූ බව වාර්තා වේ. එසේ හුදකලාව සිටීමට තීරණය කළේ සයවන බුවනෙක බාහුගෙන් උන්වහන්සේට ජීවිත තර්ජන තිබූ නිසාද විය හැක. කෙසේ නමුත් රාහුල හිමි අපවත්වීමට පෙර අම්බතහි විසූ ගල්ගුහාවෙහි එතුමාගේ දේහය තබා තිබූ ගල් ඇඳ රඳවා තිබූ ගල් කණු අද පවා දක්‌නට තිබේ.


රාහුල හිමි අවසාන කාලයේ හුදකලාව සිටි බවට සහ කිසිම රාජ්‍ය උත්සවයකට සහභාගි නොවූ බවට තවත් වැදගත් සාධකයක්‌ බුරුමයේ සේගු නගරයේ ඇති කල්‍යාණ ශිලා ලිපි සාක්‍ෂි දරයි. සයවන බුවනෙකබාහු සමයේ (සපුමල්කුමරු) බුරුමයේ ධම්මෙච්තිය රජ විසින් මොග්ගල්ලාන නම් භික්‍ෂුව ඇතුළු භික්‍ෂූන් 22 නමක්‌ ලංකාවට වැඩම වූ බවද ඔවුන් කැලණියේ කල්‍යාණි සීමාවේදී උපසම්පදාව ලබා නැවත බුරුමයට ගිය බවත් එහි සඳහන්වේ. ඒ සඳහා ලංකාවේදී සහභාගීවූ ප්‍රධාන භික්‍ෂූන් වහන්සේලා 4 නමකගේ, එනම් වීදාගම තෙරණුවෝ, ධම්මකිත්ති තෙරණුවෝ, වනරතන තෙරණුවෝ සහ සිහල රාජ මහාතෙරණුවෝ නම් සඳහන් වන අතර එකල විසූ සුප්‍රසිද්ධ තෙරනමක්‌වූ ශ්‍රී රාහුලගේ නම් සඳහන් නොවේ. නමුත් සයවන පරාක්‍රමබාහු කල පැවැත්වූ වැදගත් ආගමික උත්සවයන්හි ප්‍රධාන තැනක්‌ ඉසිළුවේ රාහුල හිමිවන අතර පෙර කී කළ්‍යාණි ශිලා ලිපියේම එය සඳහන් වෙයි. බුවනෙකබා රජ දවස රාජකීය අනුග්‍රහයක්‌ ලත් උත්සවයකට රාහුල හිමි සහභාගී නොවීමෙන් පෙනෙනුයේ පරාක්‍රම රජුගේa මුණුපුරු ජයබාහුට කරන ලද අසාධාරණය නිසාම ඔවුන් අතර දැඩි විරසක බවක්‌ තිබූ බවය. තවද රහල් හිමි සාමාන්‍ය ජනතාව ඇස නොගැටෙන හුදකලා ස්‌ථානයක ජීවත්වූ බවටද එය හොඳ සාක්‍ෂියකි.


එසේම පරම්පරා ගණනක්‌ තිස්‌සේ මුවින් මුව ගලා ආ ජනකවි 2 කින්ද රාහුල හිමි හුදකලාව ජීවත්වූ බවක්‌ උන්වහන්සේගේ දේහය පෘතුගීසීන් විසින් ගෝවේ නුවරට ගෙනගිය බවත් තවදුරටත් සනාථ වේ.


සොඳුරු රාහුල අපත්වී සක දහස සිව් සක තෙලෙස්‌ වේ


ඉසුරු නරනිඳු සවැනි බුවනෙකබාහු සපුමල් රෝස වේ


සතුරු කම් කළ නිසා තෙරිඳුට වැඩිය ගල්ලෙන දිසා වේ


ඇදුරුගේ දෙන ලෙනින් ගත් දින දනෝ යුද කළෙ ඒ නිසා වේ


ආදරණීය රහල් හිමි අපවත් වූයේ ශක වර්ෂ 1413, එනම් ක්‍රි.ව.1413Ý78-1491 දීය. සවැනි බුවනෙකබාහු තෙරිඳුට සතුරුකම් කළනිසා හිමි ගල්ලෙනට වැඩියහ. උන්වහන්සේගේ දේහය ගල්ලෙනින් පිටතට ගත් දින ජනතාව එයට විරුද්ධව යුද්ධ කළෝය.


සතුරු සිංහල සේවියර් සෙන්පතිහුQ යුද පත් වතාවේ


ඉඳුරු ගල්ලෙනෙහි යක්‌ සෙන් ඇසුරු කර සිටියෙහි මනාවේ


මිතුරු ජපකළ දහසකට කල් පවතිනා තුරු කරපු ජීවේ


මහරු රාහුල තෙරිඳුගේ මළ සිරුර ගෙන ගොස්‌ තැබුවෙ "ගෝවේ"


සෙන්පති සේවියර් සිංහලයාට සතුරුව යුද වැද සිටියහ. රහල් හිමිගේ දේහය මන්ත්‍ර ජපකොට යක්‍ෂයන් විසින් ආරක්‍ෂා කරමින් සිටියහ. දහසක්‌ කල් තබා ගැනීමට ජීවම් කර තිබූ රහල් හිමිගේ මළ සිරුර උන් ගෝවේ නගරයට රැගෙන ගොස්‌ තැබූහ.


ජනප්‍රවාද අපට අවඥවෙන් බැහැර කළ නොහැක. ජනප්‍රවාදයෙන් සහ ඉහත සාක්‍ෂි වලින් පෙන්වනුයේ රාහුල හිමි අවසන් කාලය ගෙවූයේ ඉතා හුදකලාව බවය. එසේම එක්‌ කවියකින් කියෑවෙන්නේ එම දේහය ගෝවේට ගෙනගිය බවය. රාහුල හිමි අම්බෙන වාසය කළ බව සනාථ වන තවත් කරුණු සහ දේහය ගෙන යාම පිළිබඳ විස්‌තර ඉදිරියේ සඳහන් කරමු..

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form