ටස්මේනියාවේ යක්කු - Tasmanian Devils




ටස්මේනියාවේ යක්කු - Tasmanian Devils


ටස්මේනියාව කියන්නෙ ඕස්ට්‍රේලියාවට අයිති දූපතක්.

ටස්මේනියාවේ යක්කු එහෙම නැත්තන් Tasmanian Devils ලා ඉස්සර මුලු ඕස්ට්‍රේලියාවේම ඉදල තියනවා. 

හැබැයි එයාලගෙ මූන ආස්‍රිතව හැදිල තියන පිළිකා රෝගයක් නිසා එයාල වද වෙලා අන්තිමට මේ ටස්මේනියා දූපතේ විතරයි ඉතුරු වෙලා තියන්නෙ.

ඉතින් ඕස්ට්‍රේලියාවේ ‍රජයෙන් මෙයාල වද වෙමින් පවතින සත්තු කාණ්ඩයක් විදියට නම් කරලා දැන් එයාලට වෙන්වුන සංරක්ෂණ මධ්‍යස්ථාන වල එයාලව බලා ගන්නවා.


Devils ලා මාංශභක්ෂකයි, ඒ වගේම නිශාචරයි.

දවල්ට ගස් පදුරු අස්සට වෙලා ඉදලා රෑට කෑම හොයා ගන්න එළියට එනවා.


මෙයාල ප්‍රමාණයෙන් (size) බලු පැටව් වගේ. ආයු කාලය සාමාන්‍යයෙන් අවුරුදු 5-7 අතර වෙනවා. මෙයාලට ගස් නගින්න වගේම පීනන්නත් පුලුවන්..


කෑම විදියට ගොඩක් වෙලාවට ගන්නෙ මැරුණු වොලබීස්ල, පොඩි කුරුල්ලො , කෘමීන් වගේ සත්තු..


මේ වෙද්දි ටස්මේනියාවෙන් අරන් ගිහිල්ල ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙත් මෙයාලව ඇති කරනව.


ගැහැණු සතුන් එයාලගෙ ජීවිත කාලය ඇතුළත හතර පාරක් අභිජනනය කරනවා. ගැබ් අරගෙන සති තුනකින් පැටවුන් 20-30ක් ඉපදෙනවා. 

මෙයාල වැඩෙන්නෙ කැන්ගරුවන්ගෙ වගේ පැටවු දාගන්න තියන මල්ලක.. ඉතින් ගැහැණු සතෙකුට තියන්නෙ තන පුඩු 4ක් විතරක් නිසා පැටවුන්ගෙන් ගොඩක් දෙනෙක් මැරෙනවා ආහාර වලට තියන තරගය නිසා. අලුත උපන් පැටවුන්ගෙන් කීප දෙනෙක් විතරක් නිරෝගීව ජීවත් වෙන්න වරම් ලබනවා.. 

♥️ 





 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form