🌿🌾⛱️🌊🌀💎 අයිස්ලන්තයේ අරුම පුදුම දියමන්ති වෙරළ


 🌿🌾⛱️🌊🌀💎 අයිස්ලන්තයේ අරුම පුදුම දියමන්ති වෙරළ 


 දියමන්ති කුට්ටි මතුවුන වෙරලක්ද මේ? 


⛱️🌊 අයිස්ලන්තයේ ගිණිකොණ දිග මුහුදු තීරයේ පිහිටා තිබෙන හොෆ් සහ හොෆ්න් නම් ප්‍රදේශ අතර බ්‍රීඩමර්කුර්සන්දූර් නම් වෙරළ පිහිටා තිබෙන අතර ගිනිකඳු පිපිරීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම වෙරළ තීරයේ වැලිවලට කළු පැහැයක් ලැබී තිබීම විශේශත්වයක්. 


💎ඒවගේම මේ වෙරළ තීරය ආසන්නයේ පිහිටා තිබෙන යෝකුල්සර්ලන් ග්ලැසියර් කලපුව පිහිටා තිබෙන අතර එම ග්ලැසියරයෙන්  කැඩීයන ප්‍රමාණයෙන් විශාල අයිස් කැබලි බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළට ගසාගෙන එනවා. 


🌊💎ඉතින් ඒ විදිහට ගසාගෙන එන විශාල අයිස් කැබලි සුන්දර බ්‍රීඩමර්කුර්සන්දූර් වෙරළේ කළු වැල්ල මත එකතු වන අතර  ඒ හේතුවෙන් කළු පැහැති වැලි වෙරළට එකතු වී තිබෙන අයිස් කැට දියමන්ති මෙන් දිස්වන නිසා මේ අපූරුවෙරළ "දියමන්ති වෙරළ" කියල හඳුන්වනවා. 


⛱️☃️අයිස්ලන්තයේ පවතින සීතල දේශගුණය නිසා මේ අයිස් කුට්ටි ඉක්මනින් දිය නොවී එලෙසම පැවතීමත් විශේශත්වයක්. 


🌊⛱️වෙරළේ තිබෙන සුන්දරත්වය නිසාම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය ලබන මෙය වසරේ ඕනෑම ඍතුවක දී නරඹන්නට පුළුවන් වීමත් විශෙශ්ෂත්වයක්. 


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form