🔺 පිරිමි දෙඅත් ඇති ලොව පලමු කාන්තාව


 🔺 පිරිමි දෙඅත් ඇති ලොව පලමු කාන්තාව


ඉන්දියාවේ වයස අවු.18 ක යොවුන් තරුණියක් වූ ශ්‍රේයා Shreya Siddanagowder 2016 වසරේ බස් අනතුරකට මුහුණ දෙනවා. අවාසනාවන්ත ලෙස එම අනතුරින් ඇගේ වැලමිටෙන් පහල දෙඅත් ඉවත් කිරීමට සිදුවෙනවා.


නමුත්, වාසනාවකට 2017 වසරේ 36 දෙනෙකුගෙන් සමන්විත වූ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් පැය 13 කාලයක් තුල ඇයට අත් දෙකක් වැලමිටට සම්බන්ධ කර බද්ධ කිරීමෙන් සාර්ථක සැත්කමක් කරනවා.


ඇයට බද්ධ කරන ලද දෙඅත් ලබාගන්නා ලද්දේ බයිසිකල් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ වයස අවු.21 ක පිරිමි කෙනෙකුගෙනි. ඔහු ශ්‍රේයාට වඩා පැහැයෙන් අඩු කෙනෙකි. එනම් ශ්‍රේයා පැහැපත් සමක් ඇති තරුණියක් වුනත් ඇයට බද්ධ කල පිරිමි දෙඅත් කලු පැහැයට හුරු විය.


සැත්කමෙන් කාලයකට පසු නැවත මේ ගැන කතා බහට ලක්වෙන්නේ ඇයට වැලමිටෙන් පහලට බද්ධ කල කලු පැහැති පිරිමි දෙඅත් කාලයත් සමඟ ශ්‍රේයාගේ සමේ පැහැයටම හැරෙමින් පිරිමි අත් දෙකකට වඩා කාන්තා අත් දෙකක් මෙන් දැන් දක්නට ලැබීමයි.


ශ්‍රේයාට සැත්කම් කල ප්‍රධාන වෛද්‍යවරයා පවසා ඇත්තේ ශ්‍රේයා පැහැපත් සමක් හිමි තරුණියක් නිසා ඇගේ ශරීරයේ වැඩෙන අවපැහැ මෙලනින් මඟින් අලුතින් වැඩෙන දෙඅත් ද අවපැහැයට හැරෙන බවය.

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form