සුදෝ සුදු සිප්පි කටු මවයි සුන්දර පාරාදීසයක් : බටහිර ඕස්ට්‍රේලියාවේ සිප්පි කටු වෙරළ තීරය

 





සුදෝ සුදු සිප්පි කටු මවයි සුන්දර පාරාදීසයක් : බටහිර ඕස්ට්‍රේලියාවේ සිප්පි කටු වෙරළ තීරය

+ + + + + + + + + + + 

මුහුදු වෙරළ පැත්තේ යන්න හම්බ උනොත් ඕනෑම අයෙක් යුහුසුළු වෙන්නේ වෙරළට පාවෙලා ඇවිල්ලා තියෙන ලස්සනම ලස්සන සිප්පි කටු ටිකක් එකතු කර ගන්න...සිප්පි කටුවල තියෙන පුදුමාකාර සුන්දරත්වයත් විවිධත්වයත් හින්ද ලොකු කුඩා වයස් භේදයක් නැතුව ඕනෑම අයෙක් සිප්පි කටු අගනා සිහිවටනයක් වගේම සුන්දර වස්තුවක් විදිහටත් සලකනවා.


බටහිර ඕස්ට්‍රේලියාවේ Shell Beach එහෙම නැත්නම් සිප්පි කටු වෙරළ තීරය පැත්තේ කරක් ගැහුවොත් සිප්පි කටු එකතු කරන්න ලැබෙන්නේ අතින් නෙවෙයි...සවල් වලින්...එච්චරටම මේ වෙරළ තීරයේ සිප්පි කටු සුලබයි...ඇත්තටම කිව්වොත් මේ වෙරළ තීරය තනිකරම නිර්මාණය වෙලා තියෙන්නේ සිප්පි කටු වලින් කිව්වොත් ටිකක් පුදුමත් හිතෙනවා නේද !


Shell Beach වෙරළ තීරය පිහිටලා තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාවේ Denham කියන නගරයේ ඉදලා කිලෝමීටර් 45 පමණ නිරිත දිගට වෙන්න පිහිටලා තියෙන L'Haridon Bight නැමති මුහුදු බොක්කේයි...සුදු පැහැති කුඩා සිප්පි කටු වලින් වැසුණු හිම සුදු පැහැති මෙම මනස්කාන්ත සිප්පි කටු වෙරළ කිලෝමීටර් 70 පමණ දුරට විහිදෙනවා විතරක් නෙවෙයි මේ සිප්පි කටු සංචිතයේ ගැඹුර මීටර් 10 ක් පමණ වෙන බවද පැවසෙනවා.


දැන් කොහෙන්ද මෙච්චර සිප්පි කටු තොගයක් මේ වෙරළට එකතු වෙලා තියෙන්නේ ? L'Haridon Bight මුහුදු බොක්ක අවට කලාපයේ තියෙන භූ විෂමතාවය සහ දේශගුණික තත්ත්වය නිසා මේ කලාපයේ මුහුදු ජලයේ තියෙන්නේ අධික ලවණතාවයක්...මේ ලවණ සහිත පරිසරය මුහුදු බෙල්ලන්ට ජිවත් වෙන්න හොද පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා...හරියටම කිව්වොත් L'Haridon Bight මුහුදු බොක්ක අවට මුහුදු තීරය මුහුදු බෙල්ලන්ගේ (cockle) පාරාදීසයක්.


අපි කවුරුත් දන්න විදිහට සිප්පි කටුවක් කියන්නේ මුහුදු බෙල්ලෙකුගේ වාසස්ථානයයි...කාලයක් නිවහනක් විදිහට පාවිච්චි කරපු මේ සිප්පි කටුව මේ බෙල්ලා මිය යෑමෙන් හෝ අතහැර දැමීමෙන් අනතුරුව මුහුදු වෙරළට පාවෙලා එනවා...එහෙම අවුරුදු දහස් ගණනක් තිස්සේ පාවෙලා ආපු බිළියන ගණනක් සිප්පි කටු වලින් තමයි මේ අලංකාර වෙරළ තීරය නිර්මාණය වෙලා තියෙන්නේ...මෙම වෙරළ තීරයේ ඇති වැදගත්කම නිසා Shell Beach වෙරළ තීරය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙසද නම් කර තිබෙනවා.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form