Mary River turtle නම් කැස්බෑ විශේෂ

 


Mary River turtle නම් කැස්බෑ විශේෂ හමුවන්නේ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Mary ගංගාව ආශ්‍රිතව ඇති මිරිදිය ජලාශවලයි. ප්‍රමාණයෙන් විශාල කැස්බෑ විශේෂයක් වන මොවුන් Mary ගංගාව ආශ්‍රිත පරිසර පද්ධතියට පමණක් සීමා වුණු ජීවී විශේෂයක්. මොවුන් Mary ගංගාව ආශ්‍රිත නොගැඹුරු ජලය වාසභූමි කොටගෙන ජීවත් වෙයි. 


මෙම අරුම පුදුම කැස්බෑ විශේෂය ශ්වසනය (breathing) කරනුයේ Cloaca ලෙස හඳුන්වන ලබන ප්‍රජනක මාර්ග විවරය හරහාය. මෙලෙස හදුනාගත්  cloaca-breathing සත්ව විශේෂ වාර්තා වනුයේ ඉතා අතලොස්සකි. මෙම අනුවර්තනය හේතුවෙන් පැය 72 ක පමණ කාලයක් ජලය තුල ගිලී සිටීමට මෙම සත්ව විශේෂය සත්ව විශේෂය ට හැකියාව ලැබී ඇත. Mary කැස්බෑවෙකු ලිංගික පරිනත භාවයට පත්වීම සඳහාවසර 25 ක පමණ දිගු කාලයක් වැය කරයි. 


වසර මිලියන 40ක පමණ පරිණාමික ඉතිහාසයකට හිමිකම් කියන මොවුන්  මානව පරිණාමට (වසර මිලියන 10) වඩා ඉතා විශාල ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යන ජීවීන් ලයිස්තුවට ඇතුළත් කර ඇත.


1 Comments

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form