🔴ලොව විශාලතම මානෙල් විශේෂය

 









🔴ලොව විශාලතම මානෙල් විශේෂය 

      (Victoria water Lily)


මානෙල් ලෝකයේ විශාලතම විශේෂය වන මෙම Victoria water lily දකුණු ඇමෙරිකානු රටවලට ආවේණික විශේෂයක් වේ.මෙම මානෙල් විශේෂය සොයාගනු ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික උද්භිත විද්‍යඥයකු වන ජෝන් ලින්ඩ්ලි මහතා විසිනි.ඔහු විසින් තම බ්‍රිතාන්‍ය රැජිණට ගෞරවයක් වශයෙන් මෙයට වික්ටෝරියා යන නම තබන ලදී.තනි පැළයකට කන්නයකදී පත්‍ර  50 ක් පමණ නිපදවිය හැකි අතර විසිතුරු පැළයක් ලෙස විශාල මූල්‍ය වටිනාමක් ඒ සඳහා හිමි වන්නේ මෙම විශාල පත්‍ර නිසාය.


වැඩුණු පත්‍රයක විශ්කම්භය මීටර් 2.5 කට වඩා වැඩි අගයක් ගනී.පුදුමයට කරුණ නම් මෙම පත්‍රයක් දිනකට වර්ග මීටර් භාගයක් පමණ වේගයෙන් වර්ධනය වීමයි.මෙම පත්‍ර ජලාශයට සම්බන්ධ වන දණ්ඩ මීටර් 7 ත් 8 ත් අතර දිගකින් යුක්ත වන අතර පරිණත පත්‍රයකට කිලෝග්‍රෑම් 45 ක පමණ බරක් පහසුවෙන් දරාසිටිය හැක.ඒ බව ඔබට ජායාරූප දැකීමෙන් සිතාගැනීමට හැක.පත්‍රයේ යටි පැත්ත අස්ථි පද්ධතියක් මෙන් ව්‍යුහයකින් සමන්විත වීම ශක්තිමත් බවට හේතුවයි.පත්‍රයේ මතුවිට ඉටි තට්ටිවක් ඇතිරුවාක් මෙන් ස්පර්ශ කරන ඕනෑම කෙනෙකුට දැනේ.එම නිසා පත්‍රය මතින් ජලය විකර්ෂණය වේ.


මෙම වික්ටෝරියා මානෙල් මල සුදු පැහැයකින් යුක්ත වන අතර මල පිපුණු මුල් අවදියේ ඉතා මිහිරි අන්නාසි සුවඳකින් යුක්ත වේ.මේ සුවඳ  නිසාම කෘමීන් මේ වෙත ආකර්ශණය වන අතර එමගින් පරාගනය සිදුවේ.මල පරාග වලින් පරිණත වූ පසු කෙමෙන් දම් පැහැයට හැරෙන අතර මිහිරි සුවඳද කෙමෙන් පහ වී යයි.

මේ ශාකය Guyana වල ජාතික පුෂ්පය වනවා.


උ.ගැ.


Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form