සියල්ලෝම නැවත කති බොති! ට්‍රිප් යති!

 

සියල්ලෝම නැවත කති බොති!
ට්‍රිප් යති!
හිතේ හැටියට ශොපින් කරති.
මාස්ක් අතේ තබාගෙන ෆොටෝ ගනිති.
FB එකේ upload කර ප්‍රීතිය සමරති!
වාහන වල පොඩි එවුන් පටවාගෙන පවුල් පිටින් උඩමළුවේ යති.
එකම එක දෙයක් මතක් කරමි.
පහු ගිය කාලයේ අපේ දැඩි සත්කාරයට ඇතුලු වූ covid, post covid කිසි කෙනෙක් නැවත ආපසු ගෙදර ගියේ නැත.
මාස 4ක අත දරුවෙක්ගේ මවක් ඇතුලුව , අනික් සියලු දෙනාම යන්න ගියේ පොලිතින් වලින් එතී බව මතක් කරනු කැමැත්තෙමි.
අපේ බාගෙට බාගයක් staff covid positive උනු අතර, මැරීගෙන දැඟලුවත් බේරා ගත නොහැකි කොරෝනා ආසාදිතයෝ 
නටපු නැටුමක්ද ඉතුරු නොකර, බෙරේ පලුවක්වත් හොයාගන්නට නැතුව නික්ම ගියහ.
Duty ඉවර වෙලා ගෙදර ආවත් මැරුණු අය මතක් වෙන එක නවත්තන්නට නොහැක. මාස ගානක් හුස්ම ගන්නට බැරුව ඔවුන් විඳින වදයත් සමග අපද මානසිකව හෙම්බත් වෙලාය.
කිසිත් නොකියම්.
ඔබ ඇවිදින්න, හොටෙල් ඩිස්කවුන්ට් මිස් කරගන්න එහෙම එපා. ශොපින් කරන්න.
ගෙදර ඉන්න අම්මට තාත්තට බෝ කරන්න.
අවුලක් නෑ.
අපි ආයෙත් බලන් ඉන්නෙ ඔයාලා එනකම්!! 

Copied

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form