🌿🌳 වසර ගානක් පැරණි ලොව විශාලම ගස


🌿🌳 වසර ගානක් පැරණි ලොව විශාලම ගස 


 මීට කලින් මේ තරම් විශාල ගසක් දැකල තිබුනද? 


🌴🌵 ඝනමීටර් 1487 ක් විශාල ජනරාල් ෂර්මන් කියන මේ අපූරු ගස බදන්නට මිනිසුන් දුසිම් ගණනක් උවමනා වන්නේ එහි වට ප්‍රමාණය මීටර 31 ක් වන නිසා. ඒ වගේම මෙහි උස අඩි 275 පමන වෙනවා.


🏜️🌿 මේ කියන අපූරු ගස කැලිෆෝනියාවේ සියරා නෙවඩා කඳුකරයේ පිහිටා තිබෙන සීක්වෝයා ජාතික වනෝද්‍යානයේ පතාක යෝධයෙකු ලෙස වැජඹෙන්නේ වසර 2200කටත් ඉහත කාලයක ඉදන් කියලයි කියන්නෙ. 


🥀🌐 ඉතින් මේ නිසාම මේ ගස දැනට ලෝකයේ සජීවී තත්වයේ පවතින ලොකුම තුරු රජු විදිහටත් නම් කරනවා. 


🌴🌵 තනි කඳක් මත නැගී සිටින ජනරාල් ෂර්මන්ගේ වපසරිය රතු ලී කියුබික් අඩි 52,508 ක් පමණ වන අතර මිහිමත තිබෙන යෝධම ගස සහ මිහිමත තිබෙන පරිමාව අනුව සලකන විට යෝධතම ජීවී ව්‍යූහය විදිහටත් මෙය නම් කරනවා. 


🌵🥀 ඒවගේම මේ යෝධ සීක්වෝයා රජු එහෙමත් නැතිබම් ජනරාල් ෂර්මන්ගේ බඳ වටේ දැනට ඇලුමිනියම් තහඩු ඔතා ඇති අතර එයින් සීක්වෝයා කැලය පිසගෙන ඉදිරියට ඇදෙන ලැව්ගිනිවලින් කෙටිකාලීන ආරක්ශාවක් පමණක් බලාපොරොත්තු වෙනවා. 

 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form