කාල් මාක්ස් (1818-1883)




 කාල් මාක්ස් (1818-1883) යනු ජර්මානු ජාතික දාර්ශනිකයෙකු, සමාජ විද්‍යාඥයෙකු, ආර්ථික විද්‍යාඥයෙකු සහ සමාජ විප්ලවවාදියෙකු විය. කම්කරුවා හා ධනය අතර ඇති සබඳතාවය පිළිබඳ නූතන දර්ශනය, ආර්ථික විද්‍යාව පිළිබඳ ඔහුගේ දර්ශනය මත මූලිකව පදනම් වී ඇත. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු විසින් රචිත පොත් සහ ලිපි විශාල ප්‍රමාණයක් ඇත. ඒ අතරින් "කොමියුනිස්ට් ප්‍රකාශනය"(1848) සහ "දාස් කැපිටාල්" (1867–1894) ප්‍රධාන තැනක් ගනී. ඉන්ද දාස් කැපිටාල් කෘතිය මුල් තැනක් ගනී.


 කාර්ල් හෙන්රිච් මාක්ස් (Karl *Heinrich Marx )

 උපත 1818.05.05

Trier, Prussia

 මරණය 

1883.03.14 (වයස 64)

ලන්ඩනය, United Kingdom

 යුගය 

19th century philosophy

 ප්‍රදේශය 

Western Philosophy

 ගුරුකුලය 

Marxism, communism, Hegelianism

 ප්‍රධාන ලැදිකම් 

දේශපාලනය, ආර්ථික විද්‍යාව, දර්ශනය, සමාජ විද්‍යාව, ඉතිහාසය, පන්ති සටන

 සංගණ්‍ය අදහස් 

මාක්ස්වාදයේ සමකර්තෘ (ෆෙඩ්‍රික් එංගල්ස් සමඟ), surplus value, alienation and exploitation of the worker, කොමියුනිස්ට් ප්‍රකාශනය, ජාතීන්ගේ ධනය, ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සිද්ධාන්තය

 

 බලපෑමට නතු වූයේ 

ව්ලැඩ්මියර් ලෙනින්, ජෝසෆ් ස්ටාලින්, ලියොන් ට්‍රොට්ස්කි, මාඕ සේතුං, ෆිඩෙල් කැස්ත්‍රෝ, , චේ ගුවේරා, 


කාල් මාක්ස්

ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය.


1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.


 උපුටා ගැනීමකි

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form