විස්ටේරියා මල් උමඟ (Wisteria Flower Tunnel ) 💐


 විස්ටේරියා මල් උමඟ (Wisteria Flower Tunnel ) 💐


ජපානය කියන්නෙ සොබාව සෞන්දර්ය අතින් තවත් විශේෂ රටක්. ඒ රටට ආවේණික වූ ඉතාමත් සිත් ඇඳගන්නාසුළු අලංකාරයක් මුළු රට පුරාම තිබෙනවා. දිගු සීත කාලයකින් පසුව උදා වන වසන්ත සමය එරට කාගේත් සිත් ඇදබැඳ තබා ගන්නට සමත් වෙනවා. ජපානයේ කිටාකියුෂු හි කවාචි ෆුජි උද්‍යානයේ තමයි (ටෝකියෝ සිට පැය 5 ක්, ඔබ නොසෝමි අධිවේගී දුම්රියක් ගතහොත්) ඔබට මෙම පැස්ටල් පැහැති ලස්සන සුරංගනා උමඟ සොයා ගත හැකි වෙන්නේ. 🧝


මෙම උද්‍යානයේ විස්ටේරියා විවිධ වර්ණයේ (සුදු, නිල්, දම්, වයලට්-නිල් සහ රෝස) ශාක 150 කින් පමණ සමන්විත වන අතර විවිධ විශේෂ 20 ක් පමණ තිබෙනවා. විස්ටේරියා උමඟ මෙතරම් වර්ණවත් හා අලංකාර වීමට හේතුව වෙලා තියෙන්නේත් මේ වර්ණ සංකලනයයි. මෙහි සංචාරය කිරීමට හොඳම කාලය වන්නේ අප්‍රේල් අග සිට මැයි මැද දක්වා කාලයයි.


සෑම වසරකම කාලගුණය මත මෙම මල් පිපීම රඳා පවතිනවා. සාමාන්‍යයෙන් අපේ‍්‍රල් 21 සිට මැයි 6 දක්වා කාලය තුළ මෙහි ස්වර්ණමය අවධිය ලෙස සලකන අතරම සෑම වසරකම විස්ටෙරියා මල් එතරම් විශාල ලෙස පිපෙන්නේ නෑ. මේ කාලයට සංචාරක ආකර්ශණය වැඩි වශයෙන් මෙම ස්ථානයට ලැබෙන නිසාම දෙස් විදෙස් සංචාරකයින් විශාල වශයෙන් මෙහි පැමිණීම සිඳුවෙනවා. 

Post a Comment

Hi! Thank You For Visit Our Web site

Previous Post Next Post

Contact Form